(සුජිත් හේවාජුලිගේ )
දැනට නතර කරනු ලැබ ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ල ආර්ථිකය යථාවත් වීමත් සමග කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රටේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් යෝජිත අතුරු අයවැයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ යෝජනා සකස් කිරීමේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ අතුරු අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ නිලධාරීන් සමඟ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදීය.
සංචාරක ව්‍යාපාරය ලබන වසරේදී ඉහළ නැංවීම සඳහා නව අයවැයෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයි ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සංවර්ධනේට අපිත් ආසයි. ඒත් මේ දැන් ආයෙත් දඟලන්නේ හොරාකන්න තමයි. දැන් ව්‍යාපෘති නැතිව ඉන්න බැහැනේ කොමිස් නැතිව... කන්න සල්ලි නැහැ, බඩු ගණන් අහස උසට. ඒ මදිවට රටින් බඩුගන්න දෙන්නෙත් නැහැ. මෙයා මෙහේ සංවර්ධන ව්‍යාපෘති. බොරුකරන්න එපා. සංවර්ධනේ කරන්න ඕනේ. ණයට අරන් නෙවෙයි. ප්‍රතිලාභ එන විදිහට..
ගහපු කොමිස් ටික නැවත ගෙව්වොත් හෙට අනිද්දාටම සියලු ව්‍යාපෘති පටන් ගන්න හිතාගෙන ඉන්නවානම් ජාත්‍යන්තර විගණනයට යටත්ව තමයි කරන්න වෙන්නේ. නෝ කොමිස් හොඳේ...!
මේ බොරුකාරයෝ ටීවී එකේ දකින කොට ටීවී එකත් ගඳගහනවා.
සංවර්ධන ව්‍යාපෘති?? පිස්සු හැදෙයි. කට්ටියට කොමිස් සංවර්ධනේ නැතුව අමාරුවෙන් දුවන බව අපි දන්නවා. අපිට නම් සතුටුයි. අපිව ණයකාරයෝ කරමින් ගසා කාපු එක නැවතුණ එක ගැන.
ඉඩම් මංකොල්ලකන වැඩේ නවත්තන්නේ නෑනේ.
මේ වගේ මෝඩයෝ. ලංකාව තව අවුරුදු දහයකටවත් ගොඩ ගන්න බැරි බව විද්වත් මතයි. මේ වගේ ඇමතිලා එක්කද ජනපති රනිල් වැඩ කරන්නේ? මේ රටට දෙවියන්ගෙම පිහිටයි.