රට යවනවැයි කියා ලක්ෂ ගණන් සල්ලි ගැරෑ අක්ක නගෝ මාට්ටු
යාවත්කාලීන නොකළ විදේශ රැකියා එජන්සි බලපත්රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් 2,445,000 ක මුදලක් වංචා කළ බව කියන සහෝදරියන් දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.