
(ඩයනා උදයංගනී)
ඉහළ ජෛව විවිධත්වයක් පවතින අතිශය සංවේදී පරිසර පද්ධතියකින් වන කළුතර, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවීමට සැලසුම් කළ වනජීවී කාර්යාලය පමාවීම හේතුවෙන් එහි වෙසෙන දුර්ලභ සතුන්ගේ ජීවිත ආරක්‍ෂාවට දැඩි තර්ජන එල්ල වී ඇතැයි පරිසර සංවිධාන පවසයි.
මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් දඩයම් කිරීම, ජාන කොල්ලය හා වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිකන වැනි ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම්, විසිතුරු මිරිදිය මසුන් ලෙස අලෙවිය සඳහා එකතු කිරීම ආදිය මෙම ප්‍රදේශයන් තුල හොර රහසේ සිදුවන බවද පරිසර සංවිධාන සඳහන් කරයි.
එමෙන්ම ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපත් සිදුවූ විට ප්‍රතිකාර ලබාදීම පමාවීම නිසා මේ වන විටත් සතුන් රැසකට දිවි අහිමි වී ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.
මෙම ප්‍රදේශය තුල වනජීවී කාර්යාලයක් පවත්වාගෙන ගෙන යා හැකි නම් ප්‍රදේශයයේ වනජිවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම වනජීවී ජාවාරම් නවතා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි කී කරුණාරත්න මහතා මෙහි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාගැනීමට ඉකුත් මාර්තු මාසයේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුව අවශ්‍ය කටයුතු ආරම්භ කල ද මෙතෙක් කාර්යාලය පිහිටුවීමක් සිදු නොවූ බව ද හෙතෙම කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd