(නිමල කොඩිතුවක්කු)
කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.
සියලු වාද භේද අමතක කොට, මත වාද මොහොතකට පසෙකින් තබා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට එකතු වන්නැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් "මර්දනයට එරෙහි ජන පෙළගැස්ම " හමුවට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මහින්ද රාජපක්ෂ සිය සමුගැනීමේ උත්සවයේදී ආරම්භ කළ ත්‍රස්ත පන්නයේ මර්දනය, ක්‍රියාත්මක වන බවත් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවෙකුට අයිතියක් නැතිබවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
ආණ්ඩුව අතිශය දුර්ධාන්ත ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ රට ඉතාමත් භයානක තත්වයකට පත්වෙමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගීත්වයෙන් පැවැති එම අවස්ථාවට බ්‍රිතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්‍යාලවල නියෝජිතයන් සහ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ඔයාව එලෙව්වා නේද ගෝල්ෆේස් ග්‍රීන් එකෙන්
ආවඩා ආයු බෝ වෙවා !! නැතිනම් ඉතින් ලේ නෑයින්ටත් කන්න වෙන්නෙ කල්දේරම් බත් තමා.
මෙතුමාට රට බාර කරමු
මේ බාලගිරි දෝශයට තාත්තාගෙ කාලය අමතක වෙලා. වෙන්ට.. අනේද කියන්නෙ. මේවාගේ මිනිහෙක්ද රටේ පාලනය ඉල්ලනනෙ. පිටරැටියන් ඉදිරියේ තාම මවුබිම පාවාදෙනවා .... කාා.....
කිසිම වගකීමක් බාරනොගෙන ඔහේ පච පච ගගා ඉන්න හොඳ අය මොනව හරි හේතු.හොයනවා. 89 බැරිම තැන තාත්තා කළෙත් මේකම තමයි කියලා මෙයාට අමතක වෙලා. පොඩි බලයක් දීලා බලන්න ඕන හිටු පිණුම් ගහන හැටි.
නොයෙකුත් විහිළු කාරණා කියමින් රට අස්ථාවර කරන්න හදනවා. සිය පියාගේ හැකියාවෙන් අබමල් රේණුවක් තරම්වත් පිහිටීමක් නැහැ. මොහු වටා එකතුවෙලා ඉන්න අනිත් දේශපාලකයන්ට අනාගතයක් නැත.
මෙයාගේ රස්සාව වගකීම් නොගැනීමට හේතු හොයන එකයි
චන්දයක් ඉල්ලලා අරගලයක් කරමු. එවිට බලාගන්න පුලුවන් වේවි ඔයාලගේ තත්වය
අති විශිෂ්ඨයි..! ජයවේවා...!
ඔබතුමාගේ නිර්භීත දැනුම්දීම ගැන සන්තෝසයි. ජනතාව මෙහෙමවත් පණ ඇද ඇද නොමැරී ඉන්නේ අරගලයෙන් බව සැමටම අමතක වී ඇත. දුකයි.
දැන් නම් මෙයා යන පාර හරිවගේ. නරකද රතු සහෝදරවරැ සමග එකතුවෙලා ලබන මැතිවරණය තරග කලොත්.එහෙම වුනොත් ගොඩම තමයි.හැබැයි අරගලකරැවන්ගේ ඉල්ලීම් ඉටු කරන්න ඕ්නෑ.මොකද රනිල්ට බලේ තිබුණට මොලේ නැහැ. නමුත් අරගලයට පණ දීිපු අපේ ආදරණීය දුවාපුතාල ලග බලේ නැතත්,මොලේ තියෙනවා.ඒ නිසා රාජපක්ෂළා,රනිල්ලා ලබන මැතිවරණයේදී අතුගෑවිලා යනවා.ඔබේ කථාව නම් හරි.ඒත් කියාව කොහොාමදැයි දන්නෙ නැහැ.ඒ නිසා හැකි ඉක්මනින්ම ඊලග මැතිවරණයට මුහුණ දෙන විදිය දැන්ම තීරණ්‍ය කරල වැඩේ්ට බහින්න.අනික ඩලස්ගේ පිලත් එකතුවේවි. බැහැයි
අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ කියන්නේ අරගලයට සම්බන්දයි කියලානේද? හිතාගෙන ඉන්නේ රනිල් පන්නුවාම මට ජනාධිපති කමේ ඉන්න පුළුවන් කියලා.
Another condition by the leader of the opposition is to support the government. What a shame it is to have an opposition leader like this who reacts to every external stimulus, changes colors, and changes his position. Finally, people will have to say to him to keep his support with him and shove it wherever he wants.
මෙයා විදායක ජනපති පුටුවේ ඉඳගන්නකම් අරගලේ තමයි... රටේ මිනිස්සුන්ට රට්ට මොනා වුනත් මෙයාට. ඕනි පොටි එකේ ඉඳගන්ඩ ... එක දවසකට හරි ඉන්දුවන්ම් ඔය ලෙඩේ සනීපයි... චැනල් ටිකටත් මාසයක්වත් රට දෙන්න ඕනි.
මෙයාලට ඉබ්බාගතේ යන්න ඉඩ දෙනවා හැර දැනට විකල්පයක් නොමැත.