(යොහාන් භාසුර)
නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා ටැංකි රථ ලෙස සහ ආයතනවලට ඩොලර්වලින් ගෙවීම සඳහා ඉන්ධන ලබාදීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව තාවකාලිකව අත්හිටුවූ බව එහි උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (24) පැවසීය.
මෙම ක්‍රමවේද දෙකට ඉන්ධන ලබාදීමට නව කර්මාන්ත ශාලා සහ ආයතන ලියාපදිංචිය ද අත්හිටුවා ඇති බව කී එම නිලධාරියා එම ක්‍රමවේදය නැවත ආරම්භ වන දිනයක් පිළිබඳව කිවනොහැකි බව ද සඳහන් කළේය.
වාහන නොවන වෙනත් ඉන්ධන අවශ්‍යතා සඳහා වෙනම ඉන්ධන කෝටාවක් ආරම්භ කිරීමට නියමිතව තිබීම සහ පසුගිය දින කීපයේදී ඉන්ධන තොගවල ඇති වූ හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd