(ඉන්දිකා රාමනායක)
“රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි.
ප්‍රබල දේශපානඥයකුගේ මෙහෙයවීමට යටතේ මෙම මධ්‍යස්ථනය අද පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ ස්ථාපත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීරණ නිලධාරියා වශයෙන් පත්කර ඇති පුද්ගලයා එම ප්‍රබල දේශපාලනඥයා සමග ක්‍රියාකාරි දේශපානයේ නිරත ඔහුගේ සමීපතමයකු වශයෙන් කටයුතු කරන්නකු බවට තොරතුරු හෙළි වී ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ලිපියේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නව සංවිධානයට නව සමාජිකයන් බඳවා ගැනීම සදහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය ලබා දී ඇති බවද එම ලිපිය මගින් තෙන්නකෝන් මහතා දැනුම් දී ඇත.
මෙම නව සංවිධානයට ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී පක්ෂ යටතේ ක්‍රියාත්මක සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරින්ගේ සහය හිමිව ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අරගලයේ නිරත ව සිටි පාර්ශව ඒකාබද්ධව නව සංවිධානයක් ආරම්භ කර නව සාමාජිකයන් බදවා ගැනීම සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණ වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
මෙම නව සංවිධානයේ අනුශාසකවරුන් වශයෙන් ජීවන්ත පීරිස් පියතුමා, කොස්වත්තේ මහානාම හිමියන් කටයුතු කරන බවත්, සම කැදවුම්කරුවන් වශයෙන් මාධ්‍යවේදී කැලුම් අමරසිංහ, සේනාධි චතුරංග ගුරුගේ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් මංජුල සමරසේකර යන අය තෝරා පත්කිරීමට නියමිත බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ආයිත් දෙවන රැල්ලෙන් ගුටිකාලා එහෙම ලෝකෙට පෙන්වනවා නොවෙයි හරිද..?
ජ.වි.පෙ. දන්නවා කවදාවත් ඡන්දයකින් රටේ පාලනයට එන්න බැරි වග... මොකද එයාලා හොඳයි කතා පවත්වන්න. වෙනනම් වැඩක් නෑ. 71, 89 වගේ කැරලි ගහලා රජය පෙරලන්න හදනවා. මේවාට අහුවෙන තරුණ තරුණියන් තම කාලය නාස්ති කරගන්නවා. පටු ආකල්ප ඇති සිහින ලෝකවල ඉන්න උදවිය හදන්න බෑ...
පාස්කු ප්‍රහාරයේ දෙවැනි රැල්ලට ගහගෙන යයි කියලා බයේද කොහේද?
නීතියට ඉහළින් ක්‍රියාකරන නීතිගරුක නිලධාරියෙක්. ඒ හේතුව නිසයි මෙතුමා තවමත් අත්ඩංගුවට නොගන්නේ. අනේ මෙහෙමත් රටක්. අරගලය නිවැරදියි.
දූෂණයට එරෙහි ජනතා සංවිධානවලට විරුද්ධව කටයුතු කරන පොලිසියට නීතිමය බලයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් පලකරන්න පොලිසියටද අයිතිය ඇත.
මේ උන්දෑ තවම පොලිසියේ වැඩද? අරුම පුදුම ශ්‍රී ලංකාව..
ඔහොම යන්න.. පානුයි, පරිප්පුයි ලැබෙයි.
දැන් මේ රටේ එහෙම දෙයක් කරන්න යනකොට මොකද මේ බයවෙලා? උබලා උබලගේ රාජකාරිය කරපල්ලා.. බයවෙන්න එපා... රටේ බැංකු හොරු නිදන්හොරු අදිවේගී මාර්ග හොරු ගැන හොයපල්ලා ටික දවසක් ඔය විදියට යටපත් කරන්න පුළුවන් වේවි... සත්‍යය නියම වෙලාවට සුනාමියක් වගේ පොලව යටින් මතුවේවි.. එදිනට ජනතාව පාලනය කරන්න කිසිම බලවේගයකට බැහැ... ලෝක උදාහරණ බලපල්ලා
කර්මය පසුපස එනවා. එතකන් අපි නටමු.. ගේම් ගහමු.
එදා බේරුණා... ආපහු ඔලුව පලාගන්නයි යන්නේ..!
සීරුවෙන් නොවේ උඹලා හතර ගාතෙන් හිටියත් අවසානය ඉතාම නුදුරේදීම එනවා හැබැයි ඒක කොහොම වෙයිද කියලා තමයි කලින් කියන්න බැහැ... කොහොමත් උඹ කමල් වගේ කිහිපදෙනෙකුට බඩුම තමයි
මිනිස්සුන්ට අවිආයුධවලින් තොරව සාමකාමී උද්ඝෝෂණ කරන්න ඔයාලගේ අවසර අවශ්‍ය නැහැ. ලක්ෂ 10-15 එකවර කොළඹටත්, ලක්ෂය බැගින් අනෙක් ප්‍රධාන නගරවල තිබෙන පොලිසි, මන්ත්‍රීලගේ ඇමැතිලගේ නිවෙස් වටකළොත් ඔබ කුමක් කරන්නද?
තවමත් නිල ඇඳුමින් සිටීම මේ රටේ පාලකයින්ගේ දූෂිත පාලනයකට සාක්ෂි දරයි...!