IMG-LOGO

අඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑ

(ඩයනා උදයංගනී)

රජය මගින් ලබාදුන් අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් 22,308 කට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතන මගින් මේ වනවිට අඩු ආදායම්ලාභීන්ට ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 32,933 ක් වන අතර ඉන් හිමිකම් ඔප්පු ලබා දී ඇත්තේ නිවාස හිමියන් 10,625 කට පමණක් බව ද ඇමතිවරයා කීවේය.

එම නිවාසලාභීන්ට ඉදිරි වසරක කාලය තුළ හිමිකම් ඔප්පුලබා දී අවසන් කරන්නැයි බලධාරින්ට උපදෙස් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එම ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් පවතින සැප්තැම්බර් මස 31 වනදා වනවිට ආයතන මට්ටමින් විසදා ගැනීමට කටයුතු කරන ලෙසද හා අවශ්‍ය නම් අණ පනත් සංශෝධනය කරන ලෙසද තමන් උපදෙස් දුන් බව ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

නිවාසලාභීන්ට හිමිකම් ඔප්පුව කඩිනමින් ලබා දීම අදාල ආයතනයේ වගකීමක් බව කී ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් දතට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කරන බව අවධාරණය කර තිබිණි යැයි කීවේය.

හිමිකම් ඔප්පු නොලැබුණු තට්ටු නිවාස හිමියන්ට සහ නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු දීමේදී පවතින ගැටළු නිරාකරණය කිරීම සදහා නිර්දේශ ලබා ගැනීමට ජනාධිපති ලේකම්වරයා විසින් 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.



අදහස් (4)

අඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑ

ගමේ එකාලා Wednesday, 24 August 2022 05:48 PM

තමුන් ගෙයක් හදාගෙන ඉන්නෙත් අනුන්ගේ ඉඩමක කියලයි අපි නම් දන්නේ...!

:       2       3

ravin Wednesday, 24 August 2022 06:33 PM

හෙංචයියලාත් අඩු ආදායම් ලාභීන්ද?

:       1       2

Prabha Wednesday, 24 August 2022 10:42 PM

ඔප්පු හදන විදිහ බෑනේ තර්ක කරන්න ඔබතුමාත් එක්ක අපිට...

:       0       0

A.withanawasam Monday, 29 August 2022 12:15 PM

ඔප්පුව දෙනවා නම් ගොඩක් පින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site