IMG-LOGO

පාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24)  දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට සංශෝධන එක්කර ගැනීමේ ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(24) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා ලෙස විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව ( අයවැය කතාව) පාර්ලිමේන්තුවට ලබන 30 වෙනිදා  ඉදිරිපත්  කිරීමට තීරණය කර ඇත.

මේ අතර විදුලි බිල වැඩි කිරීම පිළිබඳ  සභාව කල්තැබීමේ විවාදය ලබන 29 වෙනිදා පැවැත්වෙනු ඇත

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන30 වැනි දා,31 වැනි දා ,සැප්තැම්බර පළවෙනිදා සහ දෙවැනි දා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

තවද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්, රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ‍විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක්ද එදින ම අනුමත කර ගැනීමට නියමිතය.



අදහස් (3)

පාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්

Hafeel Wednesday, 24 August 2022 04:24 PM

මෙම කාරක සභාවලට කිසිම බලයක් නැත. නඩු ගොනු කිරීමට හෝ දඬුවම් දෙන්න හෝ අඩුම තරමින් පාඩුව නැවත අය කරගන්න බලයක්වත් නැත. කෝප් කමිටුව හරහා ඉතා විශාල දූෂණ, වංචා, හොරකම් හැලි වුණාට, කාට හරි දඬුවම් දුන්න හෝ නැවත එම පාඩුව අය කරගත්තයි කියල හෝ වාර්තා වෙලා නැහැ. මේකට හොඳ උදාරණය තමයි වත්මන් ජනාධිපති පත් වුණු සහ පත් කළ හැටි. බලනකොට මහ බැංකු බැඳුම්කර වංචාවක් වුණාද කියලත් සැකයක්.

:       0       3

sharm warnThursday, 25 August 2022 09:56 AM

කමිටුවල කියන කතා, හෙළිදරව් වෙන දේවල් අහලා අපේ ලේ කෝපවෙන එක විතරයි වෙන්නේ. ඇත්තටම කාට පේන්නද මේ කමිටු දාන්නේ..?

:       0       0

විපරමා Wednesday, 24 August 2022 05:45 PM

කමිටු නම් පත්කරනවා... හරියට වැඩක් කෙරෙයිද කවුද දන්නේ? මීට පෙර පත්කරපු කමිටුවල වැඩ කෙරුණු හැටිත් අපි නොදන්නවා නෙවෙයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 463 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site