(දිලීප් ජයසේකර)
වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
සිර දඬුවමට අමතරව රුපියල් 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස ද විනිසුරු වරයා නියම කළේය.
12 හැවිරිදි දැරියක රවටා අවස්ථා කිහිපයකදිම අපයෝජනයට ලක් කර තිබූ බව අධිකරණයේදි කියැවිනි.
ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයේදි පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා 04ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චුදිතට දඩුවම් නියම කළේය.
මෙහිදි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි රජයේ නිමන්ත ජයවික්‍රම මහතා කරුණු දක්වමින් පැවසුවේ මෙම සිදුවිම සිදුවන අවස්ථාව වන විට අගතියටපත් දැරිය අවුරුදු 12ක අයකු බවත්, චුදිත 29 හැවිරිදි වියේ පසු වු අයකු බවත්ය.ඒ අනුව මෙවැනි වැරදිවලදී චුදිතයකුට ලබා දෙන දඩුවම දෙස සමාජයාද බලා සිටින බවත්,එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චුදිතට 1 හා 3 චෝදනාවන් සදහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර අදාල චෝදනා දෙක සදහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි.
දඩ නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඩුවමක්ද නියම කෙරුණි. එමෙන්ම 02 හා 04 චෝදනාවන් සදහා වසර 14 බැගින් වසර 28ක සිර දඩුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සදහාද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි. මීට අමතරව අගතියට පත් දැරිය සදහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කල අතර චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවගෙ හොද ආදර්ශමත් දේවල් වෙහෙර විහාරස්තාන වලින් පටන්ගත්තනම් නේද හුගක් හොද?
නඩුව අවුරුදු 12ක්ම විභාගවෙලා... අනේද කියන්නේ..?
මෙයා දේශපාලකයෙක් නම්, අර කප්පම් හාදයාට වගේ අත්හිටවූ සිරදඬුවම් ලැබෙන්න තිබුණා.
සිදුවීම සිදුවෙලා වසර 12ක් ගිහිල්ලා දීපු තීන්දුවක්. මේ තීන්දුවෙන් කිසිම පලක් සමාජයට නැ. සිදුවීමට අදාළ කාන්තාව අද වැඩිහිටි විවාහකයෙක් ළමයි ඉන්න. ඒ වගේම අදාළ පුද්ගලයත් විවාහකයෙක් ළමයි ඉන්න. දරු පවුලක් අනාථ වෙලා සමාජයට බරක් වීම විතරයි අද මේ තීන්දුවෙන් සමාජෙට ලැබෙන එකම දේ. ලෝයර්ලා 12 වසරක් හම්බ කර ගෙන බව පැහැදිලියි. නීතිය කල් යල් පැනලා දීපු තීන්දුවක් පල නොවන.
ඔය වගේ වැඩ කරපු දූෂිත දේශපාලුවොත් ඉන්නේ කිසිම ගාණාක් නැතුව.
අපේ රටේ මෙවැනි දේවල් ප්‍රසිද්ධ කිරීම සහ වැරදිකරුවන්ට දඩුවම් කිරීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙමු.