(සුජිත් හේවාජුලිගේ )
කුඩා නයි පැටවකු ඇතුළු වී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුවී ඇති බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇත.
කෙසේ වෙතත් දරුවා මේස් කුට්ටමක් පැලඳ සිටි හෙයින් සර්පයාගේ විෂ දල වැදීම සිදු නොවන්නට ඇතැයි සැක කළ හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පැවසීය.
මේ සිද්ධියට පෙරේදා(23) මුහුණ දුන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙකි.
සුවයෙන් පසුවන දරුවා වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවදුරටත් පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපිංචා පස්පංගුවට කලු හීනටිහාල් එක් කර කැඳක් සාදා, මෙම දරුවාට පානය කිරීමට දීමෙන් යම් විෂක් ශරීරගත වී තිබේනම් එය පහ වී යනු ඇත. ප්‍රත්‍යක්ෂ දේශීය ප්‍රතිකාරයකි.