(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණ හොත් ඛනිජ තෙල් සංස්ථාවට ගොස් ඉන්ධන ලැබෙන තුරු එහි පදිංචි වීමට තමාට සිදුවන බව කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ප්‍රශ්නය ඛනිජ තෙල් සංස්ථාවට ගොස් එහි පදිංචි වී හෝ විසඳන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසූයේ ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් නියෝජිතයින් සමග එළඹෙන මහ කන්නයේ වගා කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදීය.

වගා සඳහා අවශ්‍ය කෘමිනාශක, වල් නාශක සහ දිලීර නාශක පෞද්ගලික සමාගම් විසින් ගොවිජන මධ්‍යස්ථාන හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධව අවධානය යොමු කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.