
(චන්ද්‍රසිරි ගුණසේකර සහ සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් රන්තොටුවිල නුගුඩුමුල්ල හංදියේ කොණ්ඩා කපන ස්ථානයක් අසලදී අද සවස පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ තොටමුනගේ ධම්මික විමලවීර නැමැති 30 හැවිරිදි අයෙකි.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
නුගුඩුමුල්ල හංදියේ පිහිටි මරණ කරුට අයත් සැලුන් එකක් අසලදී මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවද පොලිසිය කියයි.
මීට වසර කිහිපයකට පෙර ඇල්පිටිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් තුළදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය කළ පරීක්ෂණවලදී දැනට හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලකරුවන්ට ඇයි බැරි මේවා නවත්වන්න??