(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනාට පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නැති හෙයින් වැඩි කාල වේලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
තම කණ්ඩායමට ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙත්ද කාලය වෙන් කර දිය යුතු බව ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වා ඇති විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායම ආණ්ඩුවේ කටයුතුවලට සහාය දක්වමින් කටයුතු කරන හෙයින් විපක්ෂයෙන් කාලය ලබා දීමට නොහැකි බවයි.
පාර්ලිමේන්තුවේ නියම විපක්ෂය සමගි ජන බලවේගය බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සික්ස්-පැක්' එක කතාවෙන් පෙන්නන්න බැහැ.. ව්‍යායාම කරලාම තමයි කරලා පෙන්වන්න පුළුවන් කියලා ඒ කාලේ කිව්වා නේද? මේ දොඩමලුවාට කාලය ඉල්ලන්නේ..!
එහෙට මෙහෙට පැනපු දයාසිරිගේ කතා ගැන අපි නොදන්නවා නෙවෙයි...!
දුන්නා කියලා රටට කිසිම සෙතක් වෙන්න යන්නේ නැහැ...
කතානායකගෙන් ඉල්ලා වැඩක් නැහැ... වැඩිකාලයක් ඕනෑ නම් මාරයාගෙන් ඉල්ලන්න. එයා අතේ වැඩකෑල්ල තිබෙන්නේ...