(රංජන් කස්තුරි)
රජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.
එලෙස විදේශ ගත වන රජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 100ක් ද ද්විතියක මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 200ක්ද තෘතීය මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් ඇමෙරිකා ඩොලර් 500ක්ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බවද එහි සඳහන් වේ.
විදේශගතවන්නන් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හානේ! ඒ නීතිය හරිම ෂෝක්. එතකොට පිටරට ගිහිල්ලා එහෙ තියන ඩොලර් ගස්වලින් ඩොලර් ගොඩක් කඩාගෙන ලංකාවට එවලා, අපේ රට පොහොසත් කරනවා. ඊට පස්සේ අපි හැම නගරෙකම නෙලුම් කුළුණු හදනවා. ඒ අයට අපේ ප්‍රෞඩත්වය පෙන්වන්න. ඒ අයගේ ඩොලර් අපි ලංකාවට එව්වාම ඒ ගොල්ලෝ නිකම්ම දුප්පත් වෙනවා. එතකොට, දැනට වඩා මුළු ලෝකයම අපේ රට අල්ලගන්න උත්සාහ කරයි. රටේ ජාතික ආරක්ෂාව මීටවඩා තර කරන්න වෙයි එදාට.. අනේ මන්දා, රටේ අනාගත මහසංවර්ධනය ගැන හිතද්දී අමුතු ජාත්‍යන්තර බියක් දැනෙනවා හදවතට...
පුදුම කොන්දේසි.. කාගේ උපදෙස්ද දන්නේ නැහැ. ඩොලර් ගිලපු දූෂිත දේශපාලුවන් ගැන ලෝකෙම දන්නවා. ඊට වඩා හොඳ නැද්ද දූෂිත දේශපාලුවන් උගන්ඩාවේ, තැන්තැන්වල හංගපුවා අයකරගන්න විදියක් ගැන බැලුවා නම්..?
විදේශගත වීමෙන් පසුව අනිවාර්යයෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීමට නොහැකි සේවකයින් රජ්‍ය සේවයෙන් ඉවත් වේ..
එංගලන්ත, ඕස්ට්‍රේලියා වැනි රටවලට ඔය රජ්‍ය සේවකයින් බඳවා ගන්නේ නැත...! මොකද ඒ රටවල විනාඩි 45ක වැඩේ කරන්නට අපේ අය ලංකාවේ පැය 8 ක්ම ගන්න නිසා...!
අරුන්ට බුරියානි කන්න අපට රටගිහින් සල්ලි එවනවලු... ඉන්ධන කෝටා එක තව වැඩිකරගනී. රට බංකොළොත් කරපු නිසා පැන්ෂනුත් ගෙවයි...
ඔය නීති හදන කට්ටිය හිතුවේ නැද්ද එම යන රටේ ගන්න පඩියයි ගෙවල් කුලී ඇතුළු ජීවන වියදම් ගියාම එවන්න සල්ලි ඉතුරු වෙයිද කියා...?
අවුරුදු 20, 30 රටට සල්ලි එවන අයට මොනවද දෙන සහන...?
ඔය හොරුන් පාර්ලිමේන්තුවේ ඉන්නාතුරු සත පහක් එවන්නේ නැහැ
මේ කොන්දේසිය මානව හිමිකම් අමු අමුවේව උල්ලංඝනය කිරීමක්. වසර 2 1/2 ශාපයට වන්දි ගෙවන්න සිදුවෙලා තියෙන්නේ මේ රටේ ජනතාවටයි
කලින් නිවාඩු ලබා ගත් සේවකයන්ට අලුත් ක්‍රමයට නිවාඩු ලබා ගත හැකිද?
මම අවුරුදු 11ක් වැඩ කලේ ගල්ෆ්. දැන් තමයි රජයේ සේවකයින්ට කෙලවෙන්නේ. අයිස් ගහලා ලංකාවේ සහ රටේ දේපළ පින් පඩි විදිහට ගත් වැඩ බැරි ටාසන්ලා රට ගියාම එඩ්‍රස් නෑ.
මෙ වැඩ පිලිවෙල සාර්තක වෙන්න තියෙන සම්බාවිතාව හුගක් අඩුයි. මොකද අපෙ දොස්තරලාට පිට රට ගිහින් වැඩ කරන්න බැහැ එ අය වෙනම විභාග පාස් කරන්න ඔනෙ. යන්න කමති ඉන්ජිනෙරු වරු සහ ප්‍රමාන මිතික කරුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. එම අංශ වල දක්ශයො දැනටමත් ඒ රටවලට ගිහින් තියෙන්නෙ ආන්ඩුවෙ නිවාඩු අරගෙන යන කට්ටියට එයාලා එක්ක හැරෙන්න වත් බැහැ. ගියත් මසයකින් දෙකකින් ආපහු එන්න වෙනවා. තව කවුද? ලිපි කරුවොද? එහෙම රස්සාවක් මෙ රටවල නැහැ. ගිනුම් අංශෙ සහ බැංකුවල රස්සාවල් තිබුනා දැනට එම රස්සාවල් වලට ස්වදේශිකයො බදවා ගන්නවා. ගෘහ සේවක සේවිකා රස්සවල් නම් තවම තියෙනවා එවට ආන්ඩුවෙ සෙවකයො ආවොත් දවස් දෙකෙන් ගහලා එලවයි.
කොහොමහරි පැන ගත්තොත්නම් ආයේ එන්නනෙත් නෑ. සල්ලි එවන්නෙත් නෑ. පවුලම ගන්න තමා ට්‍රයි එක. අපි මොකටද හොරුන්ට හොරාකන්න සල්ලි එවන්නේ. නිකමුන්ම රජසැප දෙන්නන අපි බාගෙට මැරෙන්න. මම රාජ්‍ය සේවයේ ඉන්න ගමන් අක්කර ගානක් වගා කලා. තව දුරටත් ඒක කරන්නන තෙල්, පොහොර, ඉන්ධන, විදුලිය නෑ. වගා කරලා වැඩක් නෑ. පහුගිය ටිකේ ප්‍රවාහන පහසුකම් නැතුව කෙසෙල් කිලෝ සිය ගණනින් විසි කලා. ඉගෙනගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් ඒ ණය දැනටමත් ගෙවලා ඉවරයි. අපි පතපු ජීවිතය මේ රටේ නෑ. මේක කපටිිිවෘකයන් ටික දෙනෙක් සහිත මෝඩ බැටලුවන් බහුතරයක් ඉන්න රටක්. ජීවත් වෙන්න සුදුසු නෑ.