
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.
වගා හානි සිදු කරන සතුන් අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් සියයට 20ක් පමණ අවම ප්‍රමාණයක් බවත් සියයට 46ක පමණ වගා හානියක් රිළවා, වඳුරා, මොණරා,වල් ඌරා හා දඩුලේනාගෙන් සිදුවන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20% කියන්නේ සුළු ගණනක් කියලා හිතන මේ ඇමැතිවරයා කෘෂි කර්මාන්තය ගැන මොනවද දන්නේ...?
නැතිව නැතිව... අලි එළෙව්වොත් යන එන මන් නැතිවෙනවා.
අලියෙක් ජනාධිපති වුණා කියලා මෙහෙම කරන්න ඕනෑද?
මේ අලියගේ නැට්ටේ එල්ලුණා නම් දිව්‍ය ලෝකයේ යන්න පුළුවන්.. ස්ථිරයි..!
දැන් අලියාට පුද සත්කාර කරගෙන ඉන්න වෙනවා...
වගාහානි ලැයිස්තුවෙන් අයින් කළාට, රටට හානි ලැයිස්තුවේ මුලටම ඉන්නෙත් අලියෙක්...
වගාහානි කෙසේවෙතත්, රටටම හානිකර භයානක දෙපා සතා තමයි.
වන අලියා ජාතික තලයට ගෙන එමු..
රිලවා, වඳුරා, මොණරා, වල් ඌරා හා දඬුලේනා 46% නම් එක සතෙක් හානි කරන්නේ 9.2%. ඉතින් ඒක 20%ට වඩා අඩු නිසා ඒකත් සුළු ප්‍රමාණයක්නේ. ඒ සතුන් පස්දෙනත් ලැයිස්තුවෙන් අයින් කරමු. අලි ගහලා මිනිස්සු මැරෙන හම්බන්තොට නියෝජනය කරන ඇමැති මෙහෙම කරනවා නම් අනිත් උන් ගැන කවර කතාද?
අලි ප්‍රශ්නය ඉවරකළ ඇමැති තුමාට ජය වේවා! අලියා ගොවියන් මරණ එක කවුරුවත් කතා කරන්න එපා. මේ ඇමතිතුමා නියෝජනය කරන්නේ අලියගෙ වල්ගේ එල්ලිලා දිව්‍යලෝකෙ ගිය ගොවියාය. ඒ ගොයියා දිව්‍යලෝකෙ ගියේ හීනෙන් පමණි.