(නිමල කොඩිතුවක්කු)
ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රට මුහුණ දී ඇති බරපතළ අර්බුද වලට විසදුම් ලබා දීම වෙනුවට සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ ජනතාව දහසකුත් පීඩා වලින් දුක්විඳින විට පාලකයින් කළ යුත්තේ ඇමති කැරට් අල දිගු කිරීම නොවන බවත් ජාතික මහජන සභාව-කලාකරුවන්ගේ හමුවකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමින් ඔහු පැවසීය.
කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැගෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවසීය.
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අරගලයට දායක වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ව මර්ධනය කිරීම තරයේ හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුබූත දොඩවන්නේ නැතුව ඉන්න හලෝ. ඔහේගේ කෙරුවාවල් අපි දැක්කා...
සජිත් මහත්තයෝ... ඔයාට පාර්ලිමේන්තුවට එන්නට පෙර කතාකළ යුතු දේවල් ඔළුවට දාන්නේ කැරට් අල කවලාද?
ඔබතුමාට එඩිතර කමක් තිබුණාට අපිට පේන්නේ බියගුළු කමක්නේ.. යන අයට යන්න දෙන්න එඩිතර තරුණ උගත් පිරිසක් ළංකර ගන්න.
ඔය දොඩවන්නේ, ජනපති පට්ටම අහිමි වෙච්චි දුකට... තේරුම් ගන්න පුළුවන් .