
(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම අද (24) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගියේය.
නායක දසුන් ශානක තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවසුවේ ඕනෑම ජාත්‍යන්තර තරගාවලියක් අභියෝගයක් වුවද මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් බවයි.
ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක්‍රීඩකයක් රැසකින් සමන්විත මෙම ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණය පිළිබඳව වැඩි විශ්වාසයක් තබා තිබුණ ද ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් කීපදෙනකු ආබාධයන්ට ලක්වුවද ශක්තිමත් පන්දු යැවීමේ බලැනියක් ද සිටින බවත් දසුන් වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27 වැනිදා මූලික වටයේ පළමු තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග කිරීමට නියමිතය.
(ඡායාරූප: ශ්‍රී ලංකා ක්‍රිකට්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයෙන් කප් ගැහුවනේ... උද්ධමනයෙනුත් කප් ගැහුවානේ... ඉතින් ඔය කප් එකත් ගහයි...!
මගෙ අම්මෝ... 26ක කණ්ඩායමක්... ඔය ගමන යන්න යන වියදම රටේ සල්ලි වුණාට රටට සල්ලි එන්නේ නැහැ නේද...?
කිරුළ නැතිවුණත් කමක් නැහැ... නෝන්ඩි වෙන්නේ නැතිව...
දැන් තේරෙනවාද ඇයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම (UNICEF) එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල හරහා ඒ දිනපු මුදල වන ඇ.ඩොලර් 45,000 පරිත්‍යාග කළේ කියලා..! ඒක කෙලින්ම පරිත්‍යාග කළානම් ඒ මුදලට වෙනදේ දන්නා නිසා..!