(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද ගිගුරුම් සහිත වැසි සමඟ ඔහු කීවේය.
අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd