(ඉන්දිකා රාමනායක)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මෙම සැකකරුවන් ඉකුත් 22 -23 යන දිනයන් හි කොලොන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය මුලස්ථානය කියයි.
අරගලකරුවන්ට ඉකුත් මැයි මස 09 දින එල්ල වු ප්‍රහාරයට විරුද්ධව රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වු අතර,එම සිදුවීම් වලට සමගාමීව කොලොන්න ප්‍රදේශයේ පිරිසක් ඉහත හෝටලයට පහර දී අලාභ හානි සිදුකර , එහි දේපළ සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එම පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර සැකකරුන් සිවිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අව්රුදු 25-50 අතර පුද්ගලයන් බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ මුදල්වලින් හම්බකරගත්තු හෝටල්ද?
මෙම අයිතිකරුට මෙවැනි හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කොහේද? මෙම භූමියේ අයිතිය කා සතුද? මොහු රජයට බදුගෙවන්නෙක්ද? මෙවැනි පොදු කරුණුවලටත් පිළිතුරු සැපයීම වැදගත් නොවේද?
රෝහිතට මෙච්චර සල්ලි කොහෙන් හප්පේ ආදායම් වාර්තා තියෙනව ද? බදු ගෙවනවද? හොරා කන ඒවට බදු ගෙවන්නෙ නෑනේ
ජොබ් එකක් නැතිව හෝටල් කොහොමද තියෙන්නේ..?
නාවික හමුදාවට අනුයුක්තව රැකියාව කල රෝහිත රාජපක්ෂට මේ වගේ ඉඩම් මිලට අරගෙන හෝටල් හදන්න සල්ලි හම්බ කරගත්තු විදිහ හොයනවට වඩා, ඒවා ගිනිතියාපු අයව හොයා ගන්න එක හරි පහසුයි. මම දන්නා විදිහට නම්, ජනතාවගේ මුදල් හොරා කාල හදා ගත්තු දේපොළ වලට මිනිස්සු ගිනි තිව්ව මිසක්, දුක් මහන්සි වෙලා හම්බකළ මුදලින් හදා ගත්තු කිසිම නිවෙසකට හෝ ව්‍යාපාරික ස්ථානයකට කිසිවෙකු ගිනි තිව්වේ නැහැ. ඔය හොරුන්ගේ දේපොළ විතරක් නෙවෙයි හොරුන්වත් විනාශ වෙන්න ඕනා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ!!
අපි හිතුවේ ප්‍රසිද්ධ රොකට් කාරයෙක් හින්දා රොකට් යවන මද්‍යස්තානයක් එහෙම ඇති කියලා.
හෝටල් හදන්න මෙයා මුදල් හොයාගත්තෙ කොහොමදකිව්ව නම් රස්සාවකුත් බිස්නස් එකකුත් නැතිව
රෝහිතට ඔය හෝටල් හදන්න සල්ලි කොයින්ද...? රටෙන් හොරාකාපු ඒවා මිසක්....!!! මුන් හිරේ ඉන්න ඕනා උන්.
හෝටල් හදන්න රෝහිතට කොහෙන්ද සල්ලි..? තාත්තා හොරාකාපු ඒවාද..? නැතිනම් ඩේසි ඇන්ටිගේ මැණික් මල්ලෙන් ගත්ත ඒවාද..., මුන් ඔක්කොම හිරේ ඉන්න ඕනා අන්ත දුශිතයෝ.
මේ තරම් ඉදිකිරීම් කරන්න ලැඋනේ කොහෙන් සොයා ගත් මුදල් වලින්ද?
රාජපක්ෂ සහ පුත්‍ර සමාගමට අයත් දේපළ තව මොනවද තියෙන්නේ? තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපට දැනගැනීමට නොහැකිද?
අනේ ඇයි මේ සාමකාමී අරගලකරුවන්ට කරදර කරන්නේ? ජේවීපිය දේශපාලනයට එකතුවුනේ කඩලා බිඳලා ගිනි තියලා තමයි
හොඳ වැඩේ අපේ අහිංසක රෝහිත මහත්තයා අමාරුවෙන් දාඩිය මහන්සියෙන් හම්බ කරපුවා විනාශ කරපු අපරාදෙට
මේ ජාත්‍යාලයෙන් පිරි ශුද්ධවන්තයන්ගේ දේශයයි. පළමුවත් මව්බිම...දෙවනුවත් මව්බිම...තෙවනුවත් මව්බිම
හොරා කාපු දේපළ විනාශ කරපු මේ අය ජාතික වීරයින් ලෙසින් පැසසුම් ලබනවා
ජනතාව ගිනිතැබුවේ ජනතාවගේම ධනය සහ සම්පත්... ඉතින් රෝහිතට ඇති අමාරුව...?
අහ් ඔය එන්නේ බලල මල්ලෙන් එලියට , දැන් හෝටලයේ අයිතිකාරයා තහවුරු උනනේද ? දැන් ඕක හදන්න සල්ලි හොයාගත්තේ කොහොමද , අවසර ගත්තේ කොහොමද කියල හොයාල බැලුවොත් නරකද
කුලියට ලයික් දාන සෙට් එකක් ඉන්නව කියල පේනව
ඇහ් මෙයාට හොටෙලුත් තියනවද? මයෙ අප්පච්චි කොරල ටියෙන්නෙ හොදටම
මේවා හදන්න මෙයාට සල්ලි කොහෙන්ද? කිසිම ව්‍යාපාරයක් නැති කෙනෙක්...
පව් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේපළනේ
අපි දැන ගත්තා පුතේ රනිල් මම එනකොට බොලාට හොඳයි කියයි.. එක වල්ලේ පොල් නොවෑ
හෝටල් හදාගත්තේ අහසින් වැටුණ මැණික් මල්ලෙන් සහ අර නානලා දෙන්නෙක් දීලා ගිය මැණික් මල්ලෙන් ලැබුණයි කියන මුදල් වලින් නේද?