(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වැලිකඩ බන්ධනාගාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රැඳවියන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මෙම චාජර සහ බැටරි සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරු වැල්ලම්පිටියේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත වැලිකඩ බන්ධනාගාර කඳවුරේ පොලිස් සැරයන්6083 වික්‍රමසිංහ මහතා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.