(ඩයනා උදයංගනී)
ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (24) පැවසීය.
තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි සමයේ එම පොරොන්දුව දුන් බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද එය අනුමත කර එසේ ක්‍රියා කරන ලෙසට අදාළ අංශවලට අවශ්‍ය උපදෙස් දී තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම පනත ක්‍රියාත්මක කර පෙලපාලි, අරගලවලට සම්බන්ධ පුද්ගලයන් දින 90ක් රඳවා ගැනීම ජාත්‍යන්තරයට දී ඇති ප්‍රතිඥාවට සම්පූර්ණ පටහැනි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා පවත්වන අවස්ථාවක මෙරට මානව හිමිකම් තත්වය විවේචනයට ලක්වෙමින් තිබීම එම අරමුදලේ සහය ඇතුළු රටට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ ප්‍රයත්නයට බාධාවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යම් යම් ක්‍රියාමාර්ග ගැනීම වැරදි සහගත බව, එම පනත වෙනුවට නව පනතක් ගෙන එන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශයෙන්ම පැහැදිලි වන බව ජී.එල් පීරිස් මහතා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රස්තපනත නිසා එතෙර සහාය නැති වේවි
Bamunuarachchi Wednesday, 24 August 2022 07:37 PM
ඔය පනත හැදුවේ කවුද? එතෙර සහාය ගන්න ත්‍රස්තයින්ට ත්‍රස්තවාදී වැඩට ඉඩදෙන්න කියලාද කියන්නේ...? අපේ රටේ ආරක්ෂාවට නීති හැදෙන්නේ අපේ රටට ඕනේ විදිහට...!
චන්දන Thursday, 25 August 2022 05:33 AM
මෙයා ලංකාවේ කෙනෙක් නොවෙයි. පසුගිය කාලයේ ලංකාවට ඇවිත් දැන් තමයි මේවා දැනගෙන තියෙන්නේ
Kandy Whip Thursday, 25 August 2022 09:44 PM
Look at this educated person who was instrumental and voted to pass this bill in parliament in the first place now preaching new sermons. He must be a citizen of the country too are brain-dead like him.