
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු වාහන පෝලිම් අද (26) පෙරවරුවේ සිට දැකිය හැකි වූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග නොතිබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූහ.
කොළඹ සහ අවට ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම නිසා පිරවුම්හල් බොහෝමයක් වසා තිබූ අතර කිව්.ආර්. ක්‍රමවේදයට ඉන්ධන ලබාගැනීමට ද ජනතාවට ඊයේ පැය ගණනක් පෝලිම් රැදී සිටීමට සිදුවිය.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් තොග පැවතුණ ද ඩීසල් තොග නොලැබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූහ.
කොළඹ නරගයේ ඇතැම් පිරවුම්හල්වලට අද පස්වරුවේ ඉන්ධන ලැබුණු අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නොලැබීම නිසා තව දුරටත් පෝලිම් දිගු විය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කරන්නෙත් පැරණි රාජපක්ෂ ක්රමයේම අනුපිටපතයි. නැවත ඉන්ධන පෝලිම් පටන්ගත් වගයි...