(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (26)පැවසීය.
රටේ දූෂණ වංචා වැළැක්වීමේ වැඩපිළිවෙළේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නැයි රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාට හිමිව ඇත්තේ අර්ධ නිදහසක් බවත් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වීම සඳහා ඔහුට පූර්ණ නිදහස ලබාදීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වංචාවට දූෂණයට එරෙහිව සටන් වැදුණු ජනතා නායකයෙකු වූ රන්ජන් රාමනායක මහතාට හිමි වූ නිදහස සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා රංජන්ට නම් කටින් බතල හරි හිටුවන්න පුළුවනි. ඒත් සජබ සජියාට?
රටට අමුතුවෙන් හෙන වදින්න ඕනේ නැහැ. මේ හෙනම ඇති...!
රංජන් සජබයට ඕනේ නම්, වීරයෙක් නම් ජාතික ලැයිස්තුවේ කෙනෙක් අස්වෙලා කරන්නකෝ..
රන්ජන් රාමනායක වෙනුවට පත්කළ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම දවසින් පත්කලේ සජී... දැන් බයිලා කියනවා
බොරුවේ උපත. මේ ලිපියේම තියනවා රන්ජන් මහතාට පුර්ණ නිදහස නැති බව. ඒ කියන්නේ ප්‍රජා අයීතිය නැති බව. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවට පත් කරන්නේ. තාමත් ලංකාවේ ඉන්නේ පිස්සෝ. අගමැතිකම ගන්නේ නැතුව බයිලා ගහපු නාට්‍යයේ ඊළග කොටස.