
( එස් .ඩී. කොඩිකාර )
පිටබැද්දර ,සියඹලාගොඩ දෙහිගස්ප ප්‍රදේශයේ නිල්වලා ගගේ අද(26) පස්වරුවේ දිය නාමින් සිටි පුද්ගලයන් 12 කු ගෙන් පස් දෙනකු දියේ ගසාගෙන ගොස් ඉන් සිව් දෙනකු අතුරුදන්ව එක් අයකු දිවි බේරාගෙන ඇතැයි පිටබැද්දර පොලීසිය පවසයි.
අතුරුදන් වූ පුද්ගලයන් අද (26) අඳුරු වැටෙන තෙක්ම සොයා මෙහෙයුම් සිදුකළ අතර ඒ වන තෙක් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර නැවත හෙට (27) ඔවුන් සොයා මෙහෙයුම් සිදු කරන බව පොලීසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ දෙයියන්දර, පෝරතොට, වටවල අහංගම, මුලටියන ප්‍රදේශයවල පුද්ගලයන් බව පොලීසිය පවසයි.
මොවුන් මිදිගම ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයන් බව අනාවරණය වී ඇති අතර මෙම කණ්ඩායම ත්‍රිරෝද රථවලින් පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd