(අංජුල මහික වීරරත්න)
ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.
ගොවිජන බැංකු මගින් ගොවීන්ට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් අමාත්‍යවරයාට මෙම කරුණු දැක්වීම කර ඇත.
දැනට දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 556ක් ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන බවත් එහි සමස්ත සාමාජිකත්වය ලක්ෂ 13ක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සහ ගොවිජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙලක් සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd