(රංජන් කස්තුරි)
පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.
පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටෝන් 890ක් පරිප්පු මෙට්‍රික් ටෝන් 2000ක් එම වියළි ආහාර තොගයට අයත්ය.
සේවද චිල්ඩ්රන් ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය සහ අධ්‍යාපන මුදල් හා සෞඛ්‍ය අමාත්‍යංශ ඒකාබද්ධව පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝස සැමන්? ළමයින්ට මේවා ලැබුණොත් ලොකු දෙයක්.. පරිප්පු නම් ඔහේ බෙදයි. සැමන් නම් ළමයින්ට දකින්න වත් ලැබුණොත් ලොකු දෙයක්...
ඇමෙරිකාවේ ‘‘ග්ලයිෆොසේට්‘‘ දාලා වවන හැම දෙයක්ම ආධාර වශයෙන් අනිත් රටවල්වලට බෙදලා එයාලගේ අරමුණු ඉෂ්ඨ කර ගන්නවා. ප්‍රවේසමෙන්..!
අනේ අප්පෝ..!!! වසර දෙදහස් පන්සීයක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති හෙළයේ යක්ඛ පුතුන්ට හා යක්දියණියන්ට මන්ද පෝෂණයද? අනේ මන්දා, මට නම් හිතෙන්නේ මේක, ඇමරිකන් කාරයින් හෙළයේ යක්ඛ පුතුන්ට කළ අපහාසයක් කියලයි. කොහෙද ඉතින් අපේ හෙළ යක්ඛ පුතුන්ට ඉතින් පිනට කන්න දෙනවා නම් ආයේ ජාති ජන්මයෙන් වැඩක් නැහැනේ.. මට නම් ඔය ඇමරිකන් කාරයින්ගේ කෑම ඕනෑ නැහැ. ලංකාවේ හලාල් වඳ කොත්තුවක් හරි කාලා පෝෂණය වෙනවා. කොහෙද ඉතින් දැන් ඒකවත් හොයා ගන්න නැහැනේ. ඒ වුණාට පහුගිය කාලේ පඳුරක් ගානෙම පැටව් ගහලා හිටපු යක්ඛ පුතුන් ගූගල් සමාගම පවා වර්ජනය කරන්න ගියා වගේ මතකයි...
අපිට මෙහෙම වුණේ ඇයි? පොහොට්ටුවෝ රටට කළ විනාසෙ සෑම විටකම මතකතියා ගන්න.
මේ ආධාර වලට අපහාස කරන්න එපා. ලංකාවේ ජනතාව ජීවත්වෙන්නෙ ඉතා අමාරුවෙන්. ආහාර ද්‍රව්‍ය වල මිල කීපගුණයකින් ඉහල ගියත් ආදායම ඉහල ගිහින් නෑ. මෙයින් වැඩියෙන්ම දුක් විදින්නෙ ලමා පරපුර. මේ ආධාර මේ අවස්ථාවේදී ඉතා වටිනවා. පිට රට ඉදං කොමෙන්ට් කරන අයත් පුලු පුලුවන් විදියට සුලුවෙන්හරි යමක් බෙදාදෙනවා නම් ගොඩක් පින්.
මේවා වාසුදේවට එහෙම පෙන්නන්න එපා.
මේවා ඇත්තටම පාසල් ළමයින්ටම ලැබුනොත් ලොකු දෙයක්. ඇත්තටම ළමයින්ට ලැබෙයිද?
පින් සිද්ද වෙච්චාවේ කියලා ලැබෙන හැම දෙයක්ම ගිලලා දැම්මාට, කාලෙකට පස්සෙ තමයි දැනෙන්නේ ඒකෙ බිලීකට්ටකුත් තිබිලා කියලා. අපිට අනුන්ගේ ඇම ගිල්ලවන දේශපාලකයින්..!