(නිමල කොඩිතුවක්කු)
තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ දී අද (26) ප්‍රකාශ කළේ ය.
කොන්දේසි සහිත සමාවක් හිමිවූ තමන්ට පරණ පුරුදු විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බවත් රාමනායක මහතා සඳහන් කළේය.
නිදහසේ කථා කළ තමන්ට ඒ නිදහස අහිමි වුවත් හැකි උපරිමයෙන් වංචාවට දූෂණයට එරෙහිව තමන් ගෙන ගිය හඬ ගෙන යන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ඉදිරි කාලය තුළ කලා කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුවක් සිදුකරන බවත් රාමනායක මහතා එහිදී සඳහන් කළේය.
තමන්ට ලබාදුන් නිදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරන බවත් ඔහු එහිදී පැවසීය.
එමෙන්ම කොරෝනා වසංගතය වැළඳී බන්ධනාගාර ගතව ඉතා අසීරු සමයේ දී සිට තමන් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ දේශපාලඥයන් කලාකරුවන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළකරන බවත් රාමනායක මහතා පැවසීය.
තමන්ට ජනතාවගෙන් විශාල ආදරයක් හිමිව ඇති බවත් කිසිදු අවස්ථාවක වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනතාව ලබාදුන් එම ආදරය අහිමි කර ගන්නේ නැතැයිද රාමනායක මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුව කාලේ එජාපෙ, දැන් සජබේ එක පක්ෂ මාරුකිරීමක් නොවෙයිද? ඔහේ ගැන පැහැදීමක් අපේ නැති නිසා පක්ෂ මාරුකළත් එකයි, කඩේ ගෙදර තියාගත්තත් එකයි. ඔහේගේ කතා අපිට අදාළ නැහැ. මට ඔහේ 3 වෙනි පන්තියේ නළුවෙක් පමණයි.
ජවිපය බලයට පැමිණ මෙයාව නැවත ඇතුළට දමනවා නම් මම ජවිපයට සපෝර්ට්...
ඔය ඔක්කෝම යාලුවෝ මල්ලී, මමත් ඔවුන්ගෙන් කෙනෙක් මල්ලී, ඔයාලා ඔක්කොම හරක් මල්ලී...
ඔහෙලා ඔක්කොම යාළුවො මල්ලි... අපි නොදන්න සමාව...
හැබැයි ඒ කාලෙ නම් රනිල් මාමට කඩේ ගියා අර මහ බැංකු සීන් එකේදි එහෙම. සජිත් වෙනම පක්ෂෂයක්හදන්න ගත්තම තමයි "එයාල ඔක්කොම යාලුවො මල්ලි" කියලා සජිත්ගෙ පැත්තට පැන්නෙ. අපි නොදන්න මොනරතැන්න.
මෙයාගෙ සිලබස් එකේ තියෙන්නේ විනිසුරුවන්ට කතා කරලා තීන්දු වෙනස් කරලා, මාධ්‍ය සාකච්ඡා තියලා අන්තිමට ජාතික වීරයත් වෙනවා. අපේ රටේ පුන්නක්කු කන සෙට් එක ජයවේවා කියනවා. ලංකාවේ ඡන්ද දායකයො බයි, ටොයි ජේවීපී කියලා කිසිම වෙනසක් නෑ...
තවද, විශේෂයෙන්ම රන්ජන් නිදහස් වීමට හේතුවූ පලමුවැනි කරුණ වූ අරගල කරුවන්ට ස්තූතිය පුදකල යුතුයි. සලරව කිව්වොත් අරගලය නිසා රනිල් ජනාධිපති උනා රනිල් ජනාධිපති උන නිසා රන්ජන්ට නිදහස ලැබුනා. ඒක කාටවත් බැහැර කරන්න බැරි කාරණයක්. මාධ්‍ය සාකච්ඡාවේ එක මාධ්‍යවේදියෙක් වත් හිටියේ නැත්ද ඔය කාරණය ඔලුවට ආපු.
අනුන්ට නින්දා අපහාස කරන එකත් ඔයාගේ සිලබස් එකෙන් අයින් කරගන්න..