(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ හරහා අධිබලති විදුලි රැහැන් එළීමට විරෝධය පළ කරමින් පිරිසක් අටලුගම මහා පල්ලිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

තමන් වසර ගණනාවක් පදිංචි නිවාස තමන්ට අහිමි වනවා පමණක් නොව තම ජීවිත දැඩි අනතුරකට මේ හේතුවෙන් ලක්ව ඇතැයි ඔවුහු පවසති.

අධිබල විදුලි කණු තමන්ගෙ නිවස අසලම ස්ථාපිත කිරීමත් විදුලි රැහැන් නිවසේ වහලයට ආසන්නව තිබීම හේතුවෙන් තමන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා ඇතැයි ඔවුන් කියති.

විදුලිබල මණ්ඩලයේ බලධාරීන් තමන්ට මේ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා නොදී මෙම මාරාන්තික කටයුත්ත සිදු කර ඇති බව ඔහුන් චෝදනා කරති.