(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අංශයට ලැබෙන පහසුකම් පෞද්ගලික අංශයට ද ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පෞද්ගලික අංශයටත් සමාන පහසුකම් ලැබෙන්නේ නම් අනාගතයේදී බොහෝ දෙනෙක් රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුල් වීමට උත්සාහ නොගන්නා බවද අබෙිවර්ධන මහතා කීය.
මෙරට රාජ්‍ය යාන්ත්‍රණය ජාතියේ යහපත සඳහා යොදාගත යුතුව ඇති අතර ඒ සඳහා වන ක්‍රමවේදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබෙන බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පෞද්ගලික අංශයේ ලක්ෂ 60 ක් 70 ක් ද රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ 17 ක් 18 ක් පමණ සේවය කරන අතර මෙම දෙපාර්ශවයම ලංකාවේ යහපත සදහා අවශ්‍ය බව එජාප සභාපතිවරයා කීය.
කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා මෙි බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය අංශයේ විශේෂයෙන් තියෙන්නේ විශ්‍රාම වැටුපක් තමයි.. ඒ අතරේ ඉහළම පංතියේ අයට නම් ගොඩක් වරප්‍රසාද ලැබෙනවා.. විශ්‍රාම යනකොට විශේෂ වාහන බලපත්‍ර ලැබෙනවා. නමුත් සාමාන්‍ය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඇතිකළ අවස්ථා අනන්ත තියෙනවා කිව්වාට හදන්නේ නැහැ. කියන්න කෙනෙකුත් නැහැ. පුද්ගලික අංශය වඩාත් සේවයක් කළත් එම සේවකයින් විශ්‍රාම ගියාම ඉතාමත් අසරණ වෙනවා...
රජයේ ආයතනයක හතරපස් දෙනකු යොදවා දිනකට කරන සේවාවට පෞද්ගලික අංශයේ දෙදෙනකුට එක් දිනක් තුළ කළහැකියි.! හොඳම උදාහරණය පාස්පෝට් කාර්යාලය. හැබැයි පෞද්ගලික අංශයේ වැඩ බැරිනම් ගෙදරය. ඒ වුණාට රජයේ ආයතනයක ඒ නාස්තිකාර පඩිනඩි වියදම ගෙවන්නේ පාස්පෝට් එකක්වත් ඉල්ලුම් නොකරන ජනතාව ගෙවන බදු මුදලිනි. විශ්‍රාමයනතුරුම රාජකාරිය එසේම කරයි. ඔයදේම නොවෙද අපේ පාර්ලිමේන්තුව තුළද සිදුවන්නේ? මේ පුංචි රටට 225 ක් ඇත්තටම අවශ්‍යද? අච්චර විශාල ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් 245 කි.
අද රටේ මෙහෙමවත් දුවන්නේ පුද්ගලික අංශයට පින් සිද්ද වෙන්න. ඒකත් රාජ්‍ය අංශයේ වගේ ක්‍රියාත්මක වුණොත් වෙන්නේ මහා විනාශයක්...ලක්ෂ 16ක පමණ රජයේ සේවකයෝ ඉඳලා පාස්පෝට් එකක, හැඳුනුම්පතක නිකුත් කරගන්න බැරිව දඟලනවා. මිනිස්සු දවස් ගණන් පෝලිම්වල දුක්විඳිනවා...
ඈත පිටිසර පැති වලට සේවය කරන්නේ රාජ්‍ය සේවකයෝ. ඒක තේරෙන්නේ නැති දේශපාලකයන් රටට මොකටද?
ඉන්ධන පිරවුම්හල් වල Government service කියලා වෙනම පෝලිම් හදාගෙන තිබුණා.
වජිර ලංකාවේ වෙන්න ඕනෑ මේකෙ අනික් පැත්ත, රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය, පුද්ගලික අංශයේ සේවකයන්ගේ මට්ටමට ගෙන එන්න පුළුවන් වුණොත් ලංකාවේ ආර්ථිකය අවුරුදු 10ක් තුළ සිංගප්පූරුවේ මට්ටමට ගෙන එන්න පුළුවන්..