(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් එම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර ක්‍රියාවලිය සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාංචන ඇමැතිතුමා කියන්නේ වැඩ්ඩෙක්... ඔබතුමාට අපි ජනතාව හැටියට සුබ පතනවා. තෙල් සංස්ථාවේ හොරු කුලප්පුවෙලා... පුහුල් කපනවා.
නෝර්වේ සමාගම්වලට නම් යන්න එපා. මොකද, ඒ ගොල්ලෝ අල්ලස් දෙන්නේ නැහැනේ...
ඉක්මණින් වඩාත් හොඳ තීරණයක්...
ඕක තමා '63 ට කලින් මේ රටේ තිබ්බ විදිය...
සුදුහුණු ගානවා නෙවෙයි. ඔබ මොනවා හරි උත්සාහයක් දරනවා. හැම ආණ්ඩුවකම ඇමැතිකම් වැඩිහරියක් දැරුවේ නාකි පප්පලා සහ වැඩබැරි ටාසන්ලා. කියත් මගේ ජෝකර්ලා හින්දා තමයි ගෝඨාට යන්න වුණෙත්.. දැන් යූනියන් කාරයින් නැට්ට ගිනිඅරන් රටම ගිනිතියයි පුද්ගලීකරණය කරනවා කියලා. සැලෙන්න එපා සුබ අනාගතයක්...
ඉන්ධන ගෙන්වීම හා බෙදාහැරීම විදේශීය කොම්පැනිවලට බාරදෙමු. එතකොට බදු මුදල්වත් ලැබෙයිනේ. ආර්ථිකය හරිගිය දවස නැවත රජයට පවරාගෙන බංකොලොත් වෙනකන් පන්දම අරන් දුවමු...