(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කිරීම සහ විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් අද (28) විදුලිය කප්පාදුව පැයක් දක්වා අඩු කළ බවත් එම පැයක විදුලි කප්පාදුව රාත්‍රීයේ ක්‍රියාත්මක කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රයෙන් ලැබෙන මෙගාවොට් 300 පිළිබඳව ද අවධානය යොමු කර ඉදිරි සතියේ විදුලිය විදුලි ක්පපාදුව තීරණය කරන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැයකට අඩු කරා කියන්නේ අමු බොරුවක්. එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය ලයිට් කපන අයට කියලා නෑ. කළුතර නගරයට දකුණින් පිහිටි පැතිවල ඊයේ හවස 4.30 විතර ලයිට් ගිහින් 6කිට්ටුවෙලා ආපහු ආවා. ඊට පස්සේ ආයිමත් රෑ 7 ඉඳලා ලයිට් නෑ. ඒ මදිවට ලයිට් කැපුවේ දාලා තිබුණු වෙලාවට නෙවෙයි. මගේ අයියා කෙනෙක් එහේ ඉන්නේ. ඒ කට්ටිය හොඳ අමාරුවක වැටුණා උදේ 10.20 වෙනුවට දැනුම් දෙන්නේ නැතුව හවස 4 ලයිට් ගියාම. ඉතුරු ටිකත් ඉවර වුණා රෑ ආපහු දැනුම් දුන් වෙලාව නැතුව වෙන වෙලාවක ලයිට් කැපුවම.