(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයකු ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.
කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන් අනතුරුව ඔහු රට තුළට ඇතුළු වීම සදහා අවශ්‍ය නිශ්කාශන කටයුතු කර ගැනීමට ගුවන් තොටුපළ ආගමන කවුළුව වෙත පැමිණ එහි රාජකාරියේ නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත අවශ්‍ය අනෙකුත් ලියකියවිලි සමග ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද ඉදිරිපත් කර තිබේ .
එම ගුවන් ගමන් බලපත්‍රය නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා , එය ශ්‍රී ලාංකිකයෙකුට අයත්ව තිබී , පසුව අස්ථානගත වූ එකක් බවට කරුණු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි .
එහිදී ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇති ජායාරූපය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , මූලික විමර්ශනවලදීම අනාවරණය කර ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .
ඉන්පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත මෙම පුද්ගලයා යොමු කර තිබේ .
එහිදී ඔහුගේ පසුම්බිය සහ ගමන් මල්ල පරීක්ෂා කිරීමට පියවර ගත් අතර , එහිදී ඒ තුළ තිබූ කුවේට් රාජ්‍යයේ පිහිටි බංගලාදේශ තානාපති කාර්යාලය මගින් නිකුත් කළ හදුනා ගැනීමේ සහතික පත්‍රයක් සොයා ගැනීමට හැකි වී තිබුණි .
මෙම බංගලාදේශ ජාතිකයා කුවේට් රාජ්‍යයේ තැරැව්කරුවකු මගින් මෙසේ මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන ඇති බවට ද කරුණු ද අනාවරණය වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ රටට හෙන ආදරෙන් එන්න ඇත්තේ. තව ඔහොම ආපු කොච්චර නම් ලංකාවේ ඇද්ද? 2018 වාර්තාවකින් කියවුණා 18,000ක් පාකිස්තාන්, බංගලියන් ලංකාවේ ඉන්නවා හොයාගන්න බැරුව කියලා. මොවුන් ඔක්කොම හොයන්න මෙහෙයුමක් දියත් කරන්න.
පාස්පෝට් එකේ ඇඟිලි සලකුණු තියෙනවා. සාමාන්‍යයෙන් එයාපෝර්ට් එකේදී අපේ ඇඟිලි සලකුණු බලනවා. හොර පාස්පෝට් එකක් නම් එවෙලේම අහුවෙනවා. කුවේට්වල එහෙම කරන්නේ නැද්ද?
වලපල්ලට වැටිලා තියෙන ලංකාවේ මොනවා කරන්නද මේ අය ඉන්නේ..?
This must be a Bangladeshi overstayer or a person wanted for a crime escaping Kuwait authorities. If he was a Sri Lankan escaping Kuwait with another SL p/p, SL ImmD could have handled.