(සුජිත් හේවාජුලිගේ )

හොරු සිටින ආණ්ඩුවක  ඇමති ධුර භාර ගැනීමට සූදානම් නැතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෝප්,කෝපා කමිටුවල. සභාපති ධූර විපක්ෂයට ලබාදීමට පොහොට්ටුව අද විරුද්ධව සිටින බව පැවසූ විපක්ෂනායකවරයා  එම කමිටු වල විපක්ෂය සිටියොත් හොරු අල්ලන නිසා  ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණෙනවාට කැමති නැති බවද  ප්‍රකාශ කළේය.

එම කමිටුවල මුල් පුටුවලට  විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායකවරයා මුලින් එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.