(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් රුපියල් 14 ලක්ෂ 2065 වටිනා තීන්ත මිලදී ගෙන අගරු චෙක්පතක් ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පානදුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාර ව්‍යාපාරිකයා 2021 වසරේ දී මෙම තීන්ත ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි.
ඔහු ලබාදුන් චෙක් පත බැංකු ගත කිරීමේදී එම ගිණුමේ මුදල් නොමැති බව බැංකු විසින් දැනුම් දුන් බව පානදුර කර්මාන්තශාලාවේ කළමනාකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර ව්‍යාපාරිකයාට අවස්ථා කිහිපයකදීම පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔහු මගහැර සිටි බැවින් දඹුල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දේශපාලන හෙංචයියක් වෙන්ට ඇති...