(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න, අරුන්දිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවෙස් හා කාර්යාල වලට පහර ඉකුත් මැයි මස 09 දින පහර දී අලාභ හානි සිදුකිරීම, දේපළ කොල්ල කෑම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මොවුන් කිරිදිවැල, දංකොටුව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාය, හා දන්කොටුව පොලිසිය විසින් ඊයේ (27) සවස මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මුලස්ථානය පවසයි.
මිලාන් ජයතිලක හා ලසන්න අලගියවන්න යන මහත්වරුන්ගේ කිරිදිවැල, හා අරුන්දිත ප්‍රනාන්දු මහතාගේ දන්කොටුව යන ප්‍රදේශ වල නිවාස, කාර්යාල ඇතුලු දේපළ වලට පහර දීම, අයුතු ජනරාශිය යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ඉකුත් මැයි මස 09 දින ගාලුමුදොර හා අරලියගහ මන්දිරයට ඉදිරිපිට විරෝධතාවේ නිරත අරගලකරුවන්ට පහර දීමෙන් පසු රටපුරා ඇති වු ප්‍රචන්ඩක්‍රියා අතර තුර පාර්ලිමෙන්තු මැති ඇමැතිවරුන්ගේ ඇතුලු විශාල පිරිසකගේ නිවාස , දේපළ වලට කුපිත වු පිරිසන් විසින් පහර දී විනාශ කර තිබුණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකටික බාගන්න. හැබැයි ඇපදීලා යවනවා නම් අල්ලපු දවසේම අඬු කඩන්න...!
අනිවාර්යයෙන් මංකොල්ලකාලා ගිනිතියපු දේපළවලට හරියන්න මෙයාලගේ දේපළ රාජසන්තක කරන්න. මේ මිනිස්සු අල්ලනවට විරුද්ධව කමෙන්ට් කරන්නේ මේවා කරපු අය තමන්ව අහුවෙයි කියලා බයට... නැත්නම් මේවා කෙරෙව්ව ජේවීපී පෙරටු සෙට් එක...
දූෂිත දේශපාලුවන් ජනතාව ගසාකාලා හම්බකරගත්තුවායින් හදපු නිවාස. ඒවා ගිනිතිබ්බ අයව අල්ලනවා. රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේශපාලුවන්, කටුගෙයි වටිනා පුරාවස්තු හොරාකාපු අයව තමයි තවම අල්ලගන්න බැරි වුණේ...