(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න, අරුන්දිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවෙස් හා කාර්යාල වලට පහර ඉකුත් මැයි මස 09 දින පහර දී අලාභ හානි සිදුකිරීම, දේපළ කොල්ල කෑම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.
මොවුන් කිරිදිවැල, දංකොටුව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත්, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාය, හා දන්කොටුව පොලිසිය විසින් ඊයේ (27) සවස මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මුලස්ථානය පවසයි.
මිලාන් ජයතිලක හා ලසන්න අලගියවන්න යන මහත්වරුන්ගේ කිරිදිවැල, හා අරුන්දිත ප්‍රනාන්දු මහතාගේ දන්කොටුව යන ප්‍රදේශ වල නිවාස, කාර්යාල ඇතුලු දේපළ වලට පහර දීම, අයුතු ජනරාශිය යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ඉකුත් මැයි මස 09 දින ගාලුමුදොර හා අරලියගහ මන්දිරයට ඉදිරිපිට විරෝධතාවේ නිරත අරගලකරුවන්ට පහර දීමෙන් පසු රටපුරා ඇති වු ප්‍රචන්ඩක්‍රියා අතර තුර පාර්ලිමෙන්තු මැති ඇමැතිවරුන්ගේ ඇතුලු විශාල පිරිසකගේ නිවාස , දේපළ වලට කුපිත වු පිරිසන් විසින් පහර දී විනාශ කර තිබුණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට පහර දුන් තිදෙනකු දැලේ
Bamunuarachchi Sunday, 28 August 2022 02:10 PM
ටිකටික බාගන්න. හැබැයි ඇපදීලා යවනවා නම් අල්ලපු දවසේම අඬු කඩන්න...!
fairoosSunday, 28 August 2022 02:29 PM
අනේ බමුණා... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න. අහිංසක ළමයෙක්ට කාලා ඇඳලා ඉන්න එකවත් නැති කරපු මේ දේශපාලකයින්ව ප්‍රතික්ෂේප කරපල්ලා.. මොවුන් රටට ශාපයක්...
BamunuarachchiMonday, 29 August 2022 08:12 AM
දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන්න ඡන්දෙදී. ගෙවල්වලට පැනලා මංකොල්ල කනඑක, හොරකම් කරනඑක දේශපාලනය නොවෙයි. ගම්මිරිස් හොයන්න මෙහෙ ඇවිල්ලා අපිට දේශපාලකයින් ගැන කියලා දෙන්න එනවා..
darman Sunday, 28 August 2022 03:24 PM
අනිවාර්යයෙන් මංකොල්ලකාලා ගිනිතියපු දේපළවලට හරියන්න මෙයාලගේ දේපළ රාජසන්තක කරන්න. මේ මිනිස්සු අල්ලනවට විරුද්ධව කමෙන්ට් කරන්නේ මේවා කරපු අය තමන්ව අහුවෙයි කියලා බයට... නැත්නම් මේවා කෙරෙව්ව ජේවීපී පෙරටු සෙට් එක...
ගමේ එකාලා Sunday, 28 August 2022 06:37 PM
දූෂිත දේශපාලුවන් ජනතාව ගසාකාලා හම්බකරගත්තුවායින් හදපු නිවාස. ඒවා ගිනිතිබ්බ අයව අල්ලනවා. රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත දේශපාලුවන්, කටුගෙයි වටිනා පුරාවස්තු හොරාකාපු අයව තමයි තවම අල්ලගන්න බැරි වුණේ...