(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 2 ආසන්න වටිනා කොකේන් මත්කුඩු,කුෂ් සහ ඈෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රිරෝද රථයකින් සහ ජිප් රථයකින් ප්‍රවාහන කිරීමට සුදානම් වු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මුලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකර ඔවුන් මුදා හරින ලෙසට ඉල්ලා වැටලීම සිදුකර පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ 30 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත්තර ඇති බවත්, නිලධාරීන් එම මුදල් අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී කොකේන් මත්කුඩු කිලෝ ග්‍රෑම් 1 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 24 යි ග්‍රෑම් 500 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක්, තිබු බව පොලිසිය පවසයි.
මීගමුව මාර්ගයේ අද අලුයම ත්‍රිරෝද රථයක හා ජිප් රථයක යම් සැකකටයුතු භාණ්ඩ කිසිවක් පටවන බවට පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් අද අලුයම එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී ඉහත භාණ්ඩ තොගය හමුවී ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය කාඩ්බෝඩ් පෙට්ටි තුනක හා විශාල ගමන් මලු 4 ක අසුරා තිබු බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න.