(ඩයනා උදයංගනී)
රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක අරපිරිමැස්ම ප්‍රතිපත්තිය මත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන බව, අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැවසීය.
මේ අනුව එම ආකෘති පත්‍රය සඳහා වන කඩදාසි භා වියදම සියයට 50කින් පමණ ඉතිරි කරගැනීමට හැකි බවත්, වාර්ෂිකව විදේශ ගතවීම සඳහා ඉල්ලුම් කරන රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වන බැවින් නව තීරණයත් සමග රජයට සැලකිය යුතු තරම් කඩදාසි හා මුදල් ප්‍රමාණයක් ඉතිරි වන බවත් ඔහු සඳහන් කළේය.
පෙර ආකෘතියෙහි සඳහන්ව තිබූ සියලු කරුණු නව ආකෘති පත්‍රයට ඇතුළත් අතර, එය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත මේ වනවිටත් යොමුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩිය කොළ ඉතිරි කරපු ආයතන රටේ තිබෙනවා. ඒවාත් හොයලා දැම්මා නම් හොඳයි..
අතීතයේ ගෙවීම් වවුචරය වන පොදු 35 ආකෘතිය හරි ලොකුයි... එය කුඩාකළා. වැටුප් ගෙවීමට ගන්නා පඩි ලැයිස්තු දැනට පරිගණක ක්‍රමයට ගන්නවා. රියදුරු බලපත්‍රය කාඩ්පතක් කළා. සමහරක් අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා. මේවායින් කඩදාසි ඉතිරිවෙනවා.. කියනවා සමහර ආයතන පුවත්පත් නතරකළා. සමහර පුවත්පත් පිටු අඩුකර මිල වැඩිකළා. බස් රථවල ටිකක් නොදීම කළා. මේවායින් කරන ඉතිරිය දේශපාලුවන් කරපු හොරකම්වලට වඩා අඩුවෙයිද?
කන්තෝරුවලින් ගෙදර ගෙනියන කඩදාසි ප්‍රමාණය පිළිබඳව සොයා බලන්න. විදේශ නිවාඩු අයදුම්පත් ජීවිත කාලයම පාවිච්චි නොකරපු නිලධාරීන් ගණන් ඇමැතිවරයාට දැනගන්න බැරි වුණාට ලේකම් දන්නවා විය යුතුයි...
ලංගම ඇතැම් බස්වල කොන්දොස්තරවරු මේ දවස්වල ගජරාමෙට එම බස්රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් විතරක් ගන්නවා කියන්නෙත් මේ කඩදාසි හිඟකම නිසා වෙන්න ඇති...!
අනුමත කරන නිලධාරින් ගණන අඩුකිරීම. සියලු අවශ්‍ය කරුණු එක කොළයකට ගැනීම. පළාත් සභාවට හෝ අමාත්‍යාංශයට ලිපිය නොයවා අදාළ ඉහළ නිලධාරියාට අනුමත කිර්මේ බලය දිම. විනය හෝ වෙනත් ප්‍රශ්න ඇති අයගේ ඉල්ලීම් පමණක් අදාළ ඉහළම ස්ථානයට යැවීම...
හමන සුළං මකුළු දැලෙන් වළකන්නද මම..?