IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කඩදාසි වියදම අඩු කිරිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පියවරක්

(ඩයනා උදයංගනී)

රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක අරපිරිමැස්ම ප්‍රතිපත්තිය මත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කරන බව, අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා පැවසීය.

මේ අනුව එම ආකෘති පත්‍රය සඳහා වන කඩදාසි භා වියදම සියයට 50කින් පමණ ඉතිරි කරගැනීමට හැකි  බවත්, වාර්ෂිකව විදේශ ගතවීම සඳහා ඉල්ලුම් කරන රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වන බැවින් නව තීරණයත් සමග රජයට සැලකිය යුතු තරම් කඩදාසි හා මුදල් ප්‍රමාණයක් ඉතිරි වන බවත් ඔහු සඳහන් කළේය.

පෙර ආකෘතියෙහි සඳහන්ව තිබූ සියලු කරුණු නව ආකෘති පත්‍රයට ඇතුළත් අතර, එය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත මේ වනවිටත් යොමුකර තිබේ.



අදහස් (6)

කඩදාසි වියදම අඩු කිරිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පියවරක්

කපිල Sunday, 28 August 2022 03:25 PM

ඔයිට වැඩිය කොළ ඉතිරි කරපු ආයතන රටේ තිබෙනවා. ඒවාත් හොයලා දැම්මා නම් හොඳයි..

:       0       24

මරිසිපාල Sunday, 28 August 2022 03:34 PM

අතීතයේ ගෙවීම් වවුචරය වන පොදු 35 ආකෘතිය හරි ලොකුයි... එය කුඩාකළා. වැටුප් ගෙවීමට ගන්නා පඩි ලැයිස්තු දැනට පරිගණක ක්‍රමයට ගන්නවා. රියදුරු බලපත්‍රය කාඩ්පතක් කළා. සමහරක් අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වෙනවා. මේවායින් කඩදාසි ඉතිරිවෙනවා.. කියනවා සමහර ආයතන පුවත්පත් නතරකළා. සමහර පුවත්පත් පිටු අඩුකර මිල වැඩිකළා. බස්‍ රථවල ටිකක් නොදීම කළා. මේවායින් කරන ඉතිරිය දේශපාලුවන් කරපු හොරකම්වලට වඩා අඩුවෙයිද?

:       0       22

Nilam Sunday, 28 August 2022 05:27 PM

කන්තෝරුවලින් ගෙදර ගෙනියන කඩදාසි ප්‍රමාණය පිළිබඳව සොයා බලන්න. විදේශ නිවාඩු අයදුම්පත් ජීවිත කාලයම පාවිච්චි නොකරපු නිලධාරීන් ගණන් ඇමැතිවරයාට දැනගන්න බැරි වුණාට ලේකම් දන්නවා විය යුතුයි...

:       0       21

jayarathna Sunday, 28 August 2022 05:45 PM

ලංගම ඇතැම් බස්වල කොන්දොස්තරවරු මේ දවස්වල ගජරාමෙට එම බස්රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් විතරක් ගන්නවා කියන්නෙත් මේ කඩදාසි හිඟකම නිසා වෙන්න ඇති...!

:       0       9

Leslie Monday, 29 August 2022 12:13 AM

අනුමත කරන නිලධාරින් ගණන අඩුකිරීම. සියලු අවශ්‍ය කරුණු එක කොළයකට ගැනීම. පළාත් සභාවට හෝ අමාත්‍යාංශයට ලිපිය නොයවා අදාළ ඉහළ නිලධාරියාට අනුමත කිර්මේ බලය දිම. විනය හෝ වෙනත් ප්‍රශ්න ඇති අයගේ ඉල්ලීම් පමණක් අදාළ ඉහළම ස්ථානයට යැවීම...

:       0       0

Sunil Monday, 29 August 2022 08:04 AM

හමන සුළං මකුළු දැලෙන් වළකන්නද මම..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 914 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site