
ඇමෙරිකානු නාවික හමුදාවේ යුද නැව් දෙකක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව පවසා ඇත්තේ, චීනය, තායිවානයට අනතුරක් වන අයුරින් යුද අභ්‍යාස පැවැත්වීමට විරෝධය පළ කරමින් තම යුද නැව් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බවය.
චීනය තායිවානයට අනතුරක් වන අයුරින් යුද අභ්‍යාසයක් පැවැත්වූයේ චීන යුද නැව් 8 ක් සහ ප්‍රහාරක ජෙට් යානා 23 ක් යොදා ගනිමිනි.
තායිවානය යනු චීනය අසල පිහිටි දූපතකි. තායිවානයට වෙනම පාලනයක් ඇති නමුත් චීනයේ විශ්වාසය ‘එක් චීනයක්’ සංකල්පය යටතේ තායිවානය තමන්ට අයත් කොටසක් ලෙසය.
තායිවානයත් චීනයත් අතර පවතින අර්බුදය උත්සන්න වීමට හේතුව මෙම මස මුලදී ඇමෙරිකන් කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයයි.
පෙලෝසිගේ එම සංචාරයෙන් අනතුරුව, ඇමෙරිකන් රජයේ නියෝජිත කණ්ඩායම් විටින් විට තායිවානයේ තායිපේ අගනුවරට පැමිණියේය. මෙය චීනය කෝප ගැන්වීමට හේතුවක් වූ අතර චීනය තායිවානයට වෙළෙඳ සම්බාධක පවා පැනැවීය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් යුද නැව් දෙකක් චීනය අවුස්සයි