(ඉන්දිකා රාමනායක)
මෙරව උසස් පෙළ විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල්.ටී.ටී.ඊ රැඳවියන් ඇතුලු බන්ධනාගාර රැදවියන් දෙදෙනකු ඉන් සමත් වී ඇති බව බන්ධනාගාර පොර්තමේන්තුව පවසයි.
රැදවියන් තිදෙනකු මැගසින් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයේ දී මෙවර උසස් පෙළ විභාගයේ කළා විෂය ධාරාවෙන් පෙනී සිටි බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
විවිධ චෝදනා ලබා බන්ධනාගාර ගත වන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම ප්‍රධාන අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත්වීම මත රැඳවියන් විභාගය සදහා ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
විභාගයට පෙනී සිටි විශේෂ ගනයේ එල් .ටී.ටී.ඊ රැඳවියෙකු වන කිලිනොච්චිය ප්‍රදේශයෙහි පදිංචි වයස අවුරුදු 38 ක් වන රැඳවියා විසින් භුගෝල විද්‍යාව- සම්මාන සාමාර්ථ C ද, හින්දු ශිෂ්ඨාචාරය- සම්මාන සාමාර්ථ Cද, දමිළ භාෂාව - සාමාන්‍ය සාමාර්ථ S ද, ලබා ගනිමින් සමත් වී ඇති අතර බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
වැලිකඩ බන්ධනාගාරයෙන් පෙනී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක රැඳවියා විසින් දේශපාලන විද්‍යාව-සාමාන්‍ය සාමාර්ථ S ද, බෞද්ධ ශිෂ්ඨාචාරය-සාමාන්‍ය සාමාර්ථ S ද, සිංහල - සාමාන්‍ය සාමාර්ථ S ද, ලබාගෙන සමත් වී ඇති බවද හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගෙදර යන්න සලස්වන්න...
සුබපැතුම්... සමාජයට හොඳ පුරවැසියකු වී පියනැගුමට දෙපාර්තමේන්තුව කරන ක්‍රියාව අගය කළ යුතුයි...!
අර 240 බන්ධනාගාරයට යැව්වානම් අඩු තරමේ ඒ ලෙවල්වත් පාස් වෙනවා.
කෙනෙකු සිරගත කිරීමේ පරමාර්ථය වැරැදිකාරයෙකු සමාජයට සරිලන සේ පුනරුත්ථාපනය කිරීම නම් මේ අයගෙන් ඒ පරමාර්ථය දැනටමත් ඉෂ්ටවෙලා කියා සිතෙනවා. එක හාදයෙකුට තමන්ගේ ආගමවත් සමත්වෙන්න බැරි වුණා. එහෙම මිනිස්සු ගෙදර ගියානම් ඉගෙන ගන්න පුළුවන් දැනට පුනරුත්ථාපනය වූ මේ අය ගෙදර යැව්වොත් හොඳයි නේද? සිරගත වුනේ ඇයි කියා අපි දන්නේ නැහැ...