(යොහාන් භාසුර)
රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උපරිම සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය.
ජාත්‍යන්තරය සහ රටේ ජනතාව පිළිගන්නා දේශපාලන ස්ථාවරයෙන් යුත් රජයක් පිහිටුවීම පාදක කරගෙන පමණක් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍ය ධූර සංඛ්‍යාවක් හෝ වෙනත් දේ ගැන කථා නොකළ බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා සාර්ව පාක්‍ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින බව කී කාරියවසම් මහතා අරගලයට මුල් වූ ප්‍රශ්නවලට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වන විට පොදුජන පෙරමුණ සමඟ නොමැති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ කාර්යාලයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට ඇතුල්වුණාම ඔය ඔක්කොමලාම සුදු ලෝගු කරුවෝය.. නමට ඉදිරියෙන් "නීතිඥ - දොස්තර" පට්ටම් දාලා පුරාජේරුවට පෙන්නුවාට සුද්දා බාරදුන්නු රට කතාවෙන්ම කරලා පෙන්නලා අද වෙලා තියෙන දෙය රට බාරදුන් සුද්දාම දකී..! 'පාර්ලිමේන්තුව' යනු "නාස්තියට" කියන තවත් නමකි...!
මේ කව්ද? කොහේ හිටිය මිනිහෙක්ද මේ ඇව්ත් දේශ්පාලන ස්ථාවරභාවයක් ගැන කතා කරන්නේ? මම හිතන්නේ මේ කපුටු කාක් කාක් නාදයමයි.
මේ රටෙන් නිදහස් වීමට ලැබීම වෙනුවෙන් ඉංග්‍රීසිකාරයා පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවයක් පවත්වනු ඇත...!
මෙයා වගෙ උදේට එකක් කියන හවසට තව එකක් කියන දේපිටකාට්ටුවො ඉන්නකම් රටෙ දේශපාලන ස්තාවරයක් ඇතිවෙන්නෙ කොහොමද? ?