IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාලකයන්ගේ පව් පොඩි මිනිහාගේ ඇඟ උඩ තියන්නේ ඇයි?

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා යැයි ද ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇතැයි ද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාලකයන්ගේ වැරදි වලට ජනතාවට වග කියන්න නොහැකි බව කී විජිත හේරත් මහතා දුප්පත් ජනතාව දුක් විඳිද්දී වැරදි තීන්දු ගත්  පාලකයන් නිදැල්ලේ සිටින  බව කීය. 

වැරදි ප්‍රතිපත්ති හා දේශපාලනඥයන්ගේ විවිධ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ලෙස විදුලිය පමණක් නොව ගෑස් ,ඉන්ධන ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව කීය.



අදහස් (7)

පාලකයන්ගේ පව් පොඩි මිනිහාගේ ඇඟ උඩ තියන්නේ ඇයි?

SUNIL MILANO Monday, 29 August 2022 01:18 PM

පාලකයො උන්නාම. ඒ ගොඩට මෙයත් අයිතියි. දුප්පත් අහින්සක මහජනයා වෙනුවෙන් නැහෙන අඩන මොවුන් ඔවුන් වෙනුවෙන් එක සතයක් දීල තිබේද ?.

:       21       16

fairoosMonday, 29 August 2022 05:55 PM

කෝ මේ අරගල කාරයින්? කෝ මේ ලපයා? ඔබලාට මේවා පේන්නේ නැද්ද? ඔබලා රට පාලනය කළේ මෙහෙම වෙන්නද? අනේ සුනිල් ඔය වහල්කමින් දැන්වත් මිදෙන්න.

:       2       3

sharm warn Monday, 29 August 2022 03:03 PM

මේ ගොල්ලෝ සතයක් දුන්නද කියලා හොයන අයට අනිත් ගොල්ලෝ මිනිස්සුන්ගේ තුට්ටු දෙකත් හූරගෙන කන එක ගැන කිසි අමාරුවක් නැහැනේ..? හොරකම් කරන එළිපිට මංකොල්ල කන අයගේ වැරැදි කියන්න දිව නැමෙන්නේ නැත්තේ මිලානෝවල ඉන්න නිසාද?

:       8       16

Santhu Monday, 29 August 2022 03:18 PM

මෙන්න බොලේ දවසේ කියමන... විදුලි බලයේ පාඩුවලට පාලකයින් වැරැදියි තමයි. ඒත් එදා තමුන්ලා රටේම විදුලිය නැතිකළ ඒවා අමතක වෙලා වගේ.. මොනවාහරි කියන්න ඕනෑ නිසාද ලොකු ටෝක්ස් දෙන්නේ..?

:       11       10

kamal Monday, 29 August 2022 03:39 PM

මේ උදවියට ඒ දවස්වල ට්‍රාන්ස්ෆෝමර් පෙන්නන්ට බෑ...

:       6       12

SUNIL MILANO Monday, 29 August 2022 03:46 PM

SHARM WARN, වැස්කටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැද්ද? කෙහෙද යන්නේ කියලා ඇහුවාම මල්ලෙ පොල් කියනවා. ඉන්න තැන නෙවෙයි ප්‍රශ්නය. මෙයා කියන කතාවටයි උත්තර බැන්දේ. ලිං මැඩියෙක් වෙන්නේ නැතිව ලෝකයේ මොනවද වෙන්නේ කියලා බලන්න. රුසියාවේ යුද්ධය නිසා පෙට්‍රල් ගෑස් අහස උසට ගිහිලාල්ලා තියෙන්නේ. අඩුම තරමේ දන්නවද රුසියාව මුළු යුරෝපයේම ගෑස් නළ වහලා කියලවත්. මොනවා හරි ලියන්න ප්‍රථම දන්න කෙනෙකුගෙන් අහන්න.

:       7       9

RATHU LAPAYA Tuesday, 30 August 2022 05:37 PM

කෝ මේ දේශපාලන ඉස්සගේ, මහ එකා අර කලු ලපයා මේ දවස් වල අඹු සිඟිත්තා බලන්න අයර්ලන්තයට සැපත් වෙලාද? දැන් එහෙ සමර් එකනේ, ආතල් ගන්න හොද කාලේ. හැබැයි එහෙ ඉතින් අපේ අයියලා ඉන්නවනේ ඔක්කොම බලාගනියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site