(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යෝජනා කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.
ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා පිහිටුවීමට යන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ඔහු එම තනතුර බාර ගැනීමට කැමැත්ත පළ කළේ ඒ අනුවය.
ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට අද යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.
විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති තනතුරු දිගින් දිගටම ඉල්ලමින් සිටින බැවින් තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය ලබාගන්නැයි විපක්ෂයට ආරාධනා කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැනි අයකු එහි සභාපතීත්වය සඳහා පත්වන්නේ නම් වඩාත් සුදුසු බවද විජේසේකර මහතා පැවසීය.
කංචන විජේසේකර මහතා:
ගල් අඟුරු ඉන්ධන ආනයනය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා තොරතුරු ගණනාවක් හෙළි කරලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. එතුමට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්.
පාඨලී චම්පික රණවක මහතා:
රහස් පොලිසියට නොවෙයි. විගණකාධිපතිවරයාට බලතල දීලා පරීක්ෂණයක් කරන්න අවස්ථාව ලබා දෙන්න. අපි එතැනට තොරතුරු දෙන්න සූදානම්.
විජේසේකර මහතා:
රහස් පොලිස් පරීක්ෂණයට අමතරව මේ සම්බන්ධයෙන් වෝහාරික විගනණයකටත් කටයුතු කරගෙන යනවා.ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබුණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ, පාට කුමක් වුණත් මොහුට මෙම විෂයය ගැන දැනුමක් තියෙනවා. මොහුට මේක කරන්න පුළුවන්...
ඔව් ඔව් මෙයාට ගල්අඟුරු ගැන මාර දැනුමක් තියෙනවා. මේ පාරත් ඒ වගේම කරයිද දන්නේ නැහැ.
මෙම බලශක්ති අර්බුදය මෙන්ම නිලධාරී ත්‍රස්ත වාදයත්,දූෂණ සහ වංචාත් නතර කිරීමට අභියෝග කිරීම සහ ඒවා බාර ගැනීම ගැන වචන හරඹයට වඩා ඒ ගැන දැන්වත් ක්‍රියාත්මක වූවෝත්.නේ ද හොද ?
ඔන්න අවස්ථාව චම්පික මහත්තයෝ. 2005 ඉඳලම වංචා දූෂණ ඇදලා ගන්න.
මේ දෙන්නම තමන්ට හිමි කාර්යය හොඳින්ම කරනවා. මගේ සුබ පැතුම් දෙන්නටම.
ඔබතුමාගේ 57 වැනි (අගෝ 04) ජන්ම දිනයට සුභාශිංසන! දැන් සුසාන භූමියේ ගේට්ටුව අල්ලගෙන ඉන්නේ. තව පෝය කීයද? දැන් ඉතින් ඔටුනු සිහින පා වෙන්න ඇරලා අනේ! මේ මව්බිමට අනාගත දරුවන් වෙනුවෙන් නමක් පවතින්න වැඩක් කරන්න බැලුවොත් නේද හොඳ?
දැන් ඔන්න අර සුප්‍රකට මාෆියාව අද පටන් ගනීවි... චම්පිකව නැත්තටම නැතිකරලා දමන්න. එයාගේ පුද්ගලික ජීවිතේ මොනවා වුණත් මම හිතන්නේ මිනිහා ඔතන ඉන්න අනිත් කාලකන්නි හොරෙක් නෙමෙයි කියලයි මම හිතන්නේ.. අනික එතුමා සුදුසුකම්ලත් විදුලි ඉංජිනේරුවෙක්..
මොවුන් ඔක්කොම ඉන්න කාලේ හොරා කාපු හොර සෙට් එකේ අයමයි. අවසානයේ ජනතාවටම තමයි බර..