(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පර්ගියුසන් පාරේ නිවසකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 36 ක පමණ මුදලක් ස්ථිර තැන්පතු ගිණුමක සහ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබීම හා පවුම් 60 කට අධික බර රන් භාණ්ඩ තොගයක් බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.