(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු  මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ දී ඊයේ 29 රාත්‍රී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥයන් නිහාල් තල්දූව මහතා පැවසීය.

වෙඩි වැදීමෙන්  බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අසර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 26ක මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.