(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා එය ඉතා වැදගත් බව සුසුකි මහතා පෙන්වා දුන්නේය.
එසේ ඔඩු දුවන ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ජපානය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇතැයි ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික සහ සමාජීය තත්ත්වය පිළිබඳ ජපානය කණසල්ලට පත්ව ඇති බව සුසුකි මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා සිදුකරන සාකච්ඡා කඩිනම් කළ යුතු බවත් චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ද්වි පාර්ශ්වික ණය ලබා දුන් රටවල් ණය ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්විය යුතු බවත් සුසුකි මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ අමුතුවෙන් මොනා කතා කරන්නද? ණය ලබා දුන් ව්‍යාපෘති සියල්ල ඒ ඒ රටවල් පවරා ගෙන මේ රට බෙදාගෙන රටේ ජනතාවට ඔබලාගේ රටේ ජාතිකත්වය ලබා දෙන්න. දැන් මේ රට මන්කොල්ලකාරයින් විසින් මෝඩ ජනතාවක් පාලනය කරන විපරීත රටක්.
ආසියාවේ ආශ්චර්යය...! පොහොට්ටුවේ අයයි, රනිලුයි එකතු වෙලා රට තවත් වට්ටන්නේ නැතිව තොලොංචි වෙලාම යන්න.
ගත්තු ණය හොරාකාපු කාලකණ්නි රාජපක්ෂලාගේ පවුල් පිටින් ජාත්‍යන්තර අධිකරණයකට ගෙනැල්ලා ඔවුන් පිටරටවල හන්ගලා තියන ලංකාවට අයිති සල්ලි නැවත ලංකාවට ලබාගෙන ඔවුන්ට දඬුවම් කරන වැඩපිළිවෙලක් සකස් කරන්න...