(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් හත් දෙනෙකුට දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කටයුතු සඳහා සහභාගී වීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර ඉල්ලූ බවත් එහි විධායක කමිටු සාමාජිකයින් විසින් කරනු ලබන හෝ කිරීමට සැලසුම් කර ඇති ඕනෑම සංචාරයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අදාළ ‘නිල කටයුතු’ අරමුණු කරගත් සංචාර මිස අන් කිසිවක් නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත් දෙනකු රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් සුපිරි සංචාරයක් යෑමට අවසර ඉල්ලා ඇතැයි අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයක් මත පළවූ මාධ්‍ය වාර්තා ස්වෙච්ඡාවෙන් සේවය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ ප්‍රතිරූපයට හානියක් බවත් 2022 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය අතරතුරදී සාමාජික රටවල නිලධාරීන් සහ ආසියානු ක්‍රිකට් සංගමය සමඟ සාකච්ඡා කිරීමට, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා දැවැන්ත වාණිජ අවස්ථා උදාකර දිය හැකි පුද්ගලික අංශයේ නියෝජිතයන් හමුවීමට, වසර 2023 සිට 2027 දක්වා ශ්‍රී ලංකාවේ අනාගත තරග සංචාර වැඩසටහන් සහ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ආදි වැඩසටහන් රැසක් ඉටුකිරීමට නියමිතව තිබූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් ක්‍රිකට් ක්‍රීඩාවට කරන ගෞරවනීය සේවය වෙනුවෙන් විශාල ගෞරවයක් හිමිවිය යුතු වුවද අර්ජුන රණතුංග මහතා කළ ව්‍යාජ ප්‍රකාශවලින් එම ගෞරවය පහතට වැටෙන බව කීයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනව කළමනාකරණය කරන ආයතනයක් මෙන්ම ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමෙන්, කණ්ඩායම් අනුග්‍රාහකත්වයන් විකිණීමෙන් සහ තරග විකාශන අයිතිය විකිණීමෙන් උපයාගන්නා අරමුදල්වලින් පමණක් එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුනගේ වැඩ නිසා ලංකාවේ ක්‍රිකට් ආයෙමත් බින්දුවට බහිනවා.
හැබෑට, ඔහොම ගිහිල්ලා සාකච්ඡා කරලා ක්‍රීඩාවේ දියුණුවට කරපු එකක් කියනවාද?
අර්ජුනට ක්‍රිකට් ආයතනයේ ඡන්දයෙන් පාරිපාලනයට එන්න බෑ. ක්‍රිකට් ක්ෂේත්රයේ වැඩි පිරිසක් දන්නවා අර්ජුන සහ ඔහුගේ මල්ලිලා ඇතුළු පිරිවර ගැන. ඒ නිසා ඡන්දෙ නෑ. අර්ජුන මේ කරන්නේ අතුරු කමිටුවක් දාගෙන නිශාන්ත මල්ලිව සභාපති පුටුවට ගේන්න. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති පඩිය ගන්න නිශාන්ත රණතුංග එතන වැඩ කරන්න දන්නේ නෑ. අර්ජුනට අහුවෙන්න එපා. මෙයා දූෂණ චෝදනාවකට සිරදඬුවම් ලබා ඇපපිට ඉන්න ප්‍රසන්න රණතුංගගේ එකකුස උපන් සහෝදරයා. අර්ජුන රණතුංගට ඛනිජ තෙල් සංස්ථාවේ අහිංසක සේවකයෙක් වෙඩි තබා මරාදැමුවේ යැයි නඩුවක් විභාගවෙමින් පවතිනවා...
ආසියානු කුසලාන හා පහුගිය සීමිත ඕවර තරග රටා වලදී මැනේජ්මන්ට් එක ගැන දැක්කනේ... තවත් නිකම් බොරුවට වියදම් නොකර පාසල් තරග රටාවේ සිට පළමු පෙළ තරග රටාව දක්වා තරග දියුණු කරන්න. මේ විදියට ගියොත් 2030 වෙද්දී ලංකාවට සීමිත ඕවර තරග නැතිවෙනවා.
අපරාදෙ තව හතර දෙනෙකුත් එක්කරගෙන ගියා නම් මැච් එකකුත් ගහලම එන්න තිබ්බා...!
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සඳහා දැවැන්ත වාණිජ අවස්ථා උදාකර දිය හැකි පුද්ගලික අංශයේ නියෝජිතයන් හමුවීම...
අර්ජුන රණතුංග කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේ රටට ලෝක කුසලාන ගෙනාව කෙනෙක්... ඒ නිසා අර්ජුන ආවාට ගියාට ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරන කෙනෙකු බව සිතන්නට බැහැ. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අය කියනා කතා සියල්ල සම්පූර්ණ සත්‍ය ලෙස එකවර පිළිගත යුතු දෙයක් කියා හිතන්නට බැහැ. මේ ගැන අර්ජුන කියන්නේ කුමක්දැයි මඳක් ඉවසිල්ලෙන් බලා සිටිමු.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ බුකීකාරයන් සහ ඔවුන්ගේ ගෝලයන් කියන, කරන දේවල් ගැන ක්‍රීඩා ලෝලීන්ගේ කිසිම විශ්වාසයක් නැහැ.. අර්ජුන බොරු කිව්වත්, ඇත්ත කිව්වත් ඔහු ගැන විශ්වාසයක් සහ ගෞරවයක් ක්‍රීඩා ලෝලීන්ගේ සිතේ තිබෙන නිසා ඔවුන් ඒක හිස මුදුනෙන්ම පිළිගන්නවා.
අපි නොදන්න ගරු සේවේ.. ඒක වෙන්න ඇති ඡන්දයක් තියෙන කොට පිල් බෙදිලා මරාගන්නේ..
මෙච්චර කල් ඇවිදලා ගත්තු ප්‍රතිඵල සෑහෙන්න තියෙන්නේ. ඇෆ්ඝනිස්ථානෙනුත් හොඳට ලැබුණේ. තව මොකට යනවාද?
අප්පා... එව්වා මේ නිලධාරීන් යන වැඩද? එව්වට යන්නේ ඇමැතිලනේ..?
අපිටත් ඔහොම රට සවාරි යන්න දෙනවා නම් අපිත් එනවා ස්වේච්ඡාවෙන් වැඩකරන්න.. අම්මපා...
ඕකට එක්කෙනෙක් ගියාම ඇති...
අර්ජුන තමයි නියමෙට වැඩේ කරන්නේ... කිතුල් ගහට ගිය මිනිහෙක් මොනවදෝ තිබ්බලු කියන්නේ... ඔය ඔක්කොම හොරු මල්ලි...!
ඔව් ඔව් අපි දන්නා කිතුල් ගහට ගිය මිනිහටත් දෙන්න උත්තර තිබුනා. මේ ගොල්ලෝ ගහට නගින්න පෙර උත්තර බඳිනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අදාළ ‘නිල කටයුතු’ ලෝක කුසලානය දිනන අයගෙන් අහගන්න රටේ සල්ලි නාස්ති නොකර.
මිට කළින් ක්‍රිකට් බිංදුවෙන් පල්ලෙහා තිබ්බේ නැද්ද? ඇෆ්ඝනිස්ථානය වගේ රටකට කිච වෙන්න පැරදුණේ ඔය නිලධාරින් ගියේ නැති නිසාද?