
(අජිත්ලාල් ශාන්තඋදය
ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන උපතින්ම දෑත් සහ දෙපා උපතින්ම අහිමි වූ රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය උසස් පෙළ විභාගයෙන් වානිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.
ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය විෂයන් තුනට ම ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.
ඇගේ අත්දෙක උපතින්ම අහිමිය. දකුණු පාදය ආබාධිත ය. ආබාධිත පාදයට කෘත්‍රීම පාදයක් යොදා ඇත. ඇය ලියන්නේ ඇගේ වම් කකුලේ ඇඟිලි අතර රඳවාගත් පෑනෙනි. ඇය පරිගණකය හසුරුවන්නේ ද වම් කකුලේ ඇඟි තුඩු වලිනි. පොත්වල පිටු පෙරලන්නේ ද එලෙසය.
ඇය 2012 වසරේ පසුවන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමත්, 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ අටක් සහ එක් බී සාමාර්ථයක් ලබා ඉහළින්ම සමත්වීමත් 2021 උසස් පෙළ විභාගය ඒ සාමාර්ථ තුනක් ලබැගැනීමට හැකි වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව ජයගන්න දුවේ.. අරගලකරුවනි, මේ ලොව වෙනස්කරන්න අවශ්‍ය වෙන්නේ එලොවටත් නැති, මෙලොවටත් නැති අරගලයක් නොව ... සිතේ තිබෙන නොබිඳෙන ධෛර්යය බවයි. මේ දුවගෙන්වත් ගෙන ගන්න. නුඹට බුදුසරණයි දුවේ...!
තෙරුවන් සරණයි දුවේ. බාධක මැදින් වුවත් ජීවිතය ජය ගැනීමට හැකිවේවා. ඔබ මෙලොව සියළුම දුවා දරුවන්ට ආදර්ශයක්.
මේ අභීත දියනියට සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගතකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට විද්‍යාවෙන් දියුනු රටවල ආදාරය ලැබේවා.දියනියට තෙරුවන් සරණයි.
ඔයාට සුබ පතන්න වචන නැහැ දුවේ...!
මේ දිරිය දියණියගේ දැඩි උත්සාහය හා උසස් ජයග්‍රහණ දැක දෙනෙතට කඳුලක්ද නැගුණා.මේ විශිෂ්ඨ ජයග්‍රහණ ගැන එම දියණියට අපගේ හදපිරි ප්‍රණාමය ... !!! ජයවේවා ..
විශිෂ්ටයි! කිවයුතු දේ බොහොමයි එත් ලියන්න වචන එන්නේ නැහැ.
සතුටුයි දරුවෝ..!
විශිෂ්ඨයි.. උණුසුම් සුබපැතුම්..!