(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස විදේශ රටකට සංක්‍රමණය වීම සඳහා බහුදින යාත්‍රා දෙකකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 34 දෙනකු ත්‍රිකුණාමලය, නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් වාලච්චේන හා කුච්චවේලි මුහුදු සීමාවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් ල්දූව මහතා පැවසීය.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සහ ළමයින් දෙදෙනකු සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
එම සැකකරුවන් අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටින් පිටවී යන අයට යන්න දෙන්න. දැක්කේ නෑ වගේ ඉන්න. ඔය මිනිස්සු... හොරු නෙවෙයි. මහජන දේපළ කොල්ල කාපු අය පිටවෙනකොට දැක්කේ නැතිද?
පව්... රටේ මිනිසුන්ට කෑම බීම ඇතුළු අත්‍යාවශ්‍ය දේ සොයා ගැනීමට නොහැකි නම් තවත් කුමන හෝ පියවරක් ගැනීමට ඔවුන් පෙළඹෙනවා නොවේද? ඔවුන්ගේ කුසගිනි නිවීම ඇතුළුව අනෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇතැම් දේශපාලකයින් රටේ මුදල් හොරකම් කොට රට කෑ නිසා නොවේද? ජනතාවට මේ රටේ ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කොට තිබුණා නම්, ඔවුන් මෙසේ හිඟන්නන් මෙන් වෙනත් ධනවත් රටවලට හොරෙන් පැනයාමට සැරසේද? මොවුන් අල්ලා දඬුවම් කිරීමට පෙර, යථාර්ථය අවබෝධ කරගෙන ඊට පිළියම් යෙදිය යුතුයි නේද?
රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය මත වෘත්තීය වශයෙන් යම් නිපුණත්වයක් තිබුනු හා එසේ නොතිබුණු බොහෝ තරුණ පිරිස්වලට රැකියා අවස්ථා අහිමිවි ඇත. තම කුඩා දුදරුවන්ට හරිහමන් ආහාර වේලක් ලබාදිමට නොහැකිව තරුණ පියවරුන් හා මව්වරුන් නිතී විරෝධි මත්පැන් ජාවාරම් මත්කුඩු ජාවාරම් හා වෙනත් ආකාරයේ සොරකම් වල යෙදෙන බව අපි කවුරුත් හොදින් දන්නා කරුනකි. මේ අවස්ථාවක ඔවුන් අයහපත් ක්‍රියාවලින් මිදි විදේශගතවි යම් ආකාරයකට විදේශ ශ්‍රමකියන් ලෙස හෝ කටයුතු කිරීම අගය කලයුතු කාර්යයකි. ඔවුන්ගේ විදේශ රැකියා මගින් රටට යම් විදේශ මුදල් ප්ර්රමාණයක් මෙරටට ලැබෙන අතර ඩොලර් සංචිත අවම වි මෙවැනි අවස්ථාවක එය මුළු රටට යම් අස්වැසිල්ලක් වනු ඇත. ආගමන හා විගමන නිතීතුල කුමක් සදහන් වුවද රාජතාන්ත්‍රික මට්ටමින් අදාල රටවල් සමග කරුණු සාකච්ඡා කර මෙවැනි පුද්ගලයින් සදහා විදේශ රැකියා අවස්ථා විවෘත කර ඔවුන් සම්බන්ධව සහනදායි ලෙස කටයුතු කිරිම රජය සතු කාර්යයකි.
"ජීවන ගැටළු විසඳුම් නැත බැරිම තැන - රට හැරයන්න සිතුවේ අප එකම දින - නීතිය හරස් කොට ඇත අපගේ ගමන - සිදුවුණු විපත දෙවියන් හෝ බලනු මැන "
එහෙම යන්ඩ ඔබලා දේශපාලක උත්තමයින්ද? හිතුවා මදි පැනලා යන්න.. කරුමෙ ගෙවෙනකම් මෙහෙ ඉන්න.. තව විඳවන්න තියෙනවා..