IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි

(චමින්ද වැවතැන්න සහ ඩයනා උදයංගනී)

පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය  පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම චාම් උත්සවය සහකාර අධ්‍යක්ෂවරුන් වන නවෝත් අබේසිංහ සහ මිහිරාන් මැදවල මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය  සංවිධානය කළහ.

මෙම උත්සවය ආරම්භ කරමින් වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාව පැවැත්වූහ.

පසුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ නිවුන් අලි පැටව් දෙදෙනාට හා නිවුන් අලි පැටව්න්ගේ මව වන සුරංගීට කිරි බත් පලතුරුවලින් සංග්‍රහ කළහ.



අදහස් (3)

නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි

uditha Thursday, 01 September 2022 10:27 AM

දැක්ක දුටු තැන අලින්ව විනාශ කරනවා. විදුලිය, වසවිස, වෙඩි ප්‍රහාර... ඒත් අලි දර්ශනවලින් නම් අඩුවක් නැහැ...

:       1       4

සමිත අලුත්ගමගේ. Thursday, 01 September 2022 10:39 AM

අලියා දිහා කොතරම් බලා සිටියත් ඇතිවෙන්නේ නැහැ කියා ජනවහරේ පවතියි. මේ අපූරු යෝධ සත්වයා දිහා බලාගෙන ඉන්න අයට ඇතිවන්නේ සතුටක් වගේම පුදුමයක්... මෙයාලගේ තිබෙන විශේෂත්වයක් වන්නේ සැම ඉන්ද්‍රියක්ම හැඳින්වීමට ඊට ඉස්සරහින් 'අලි' යන කොටස දානවා. අලි ඔලුව, අලිකන ආදී වශයෙන්... මේ පුංචි සුරතල් අලි බබාලා දෙන්නාට සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       8

එජාප Thursday, 01 September 2022 05:53 PM

දින කිහිපයකින් දළ ඇති අලි පරපුරත් 76 උපන්දිනය සමරයි...!!

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site