(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශයේ රන් ආභරණ සාප්පු සංකීර්ණවලට පැමිණ රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් ඇතුළුවී රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා රන් ආභරණ සොරාගත් භාෂා හයක් චතුර ලෙස හසුරු හැකි විදේශීය ජාතිකයකුගේ පෙනුමැති සැකකරු කොටුව ගාලුමුව දොර ප්‍රදේශයේදී හොරයින් මත්ද්‍රව‍ය සමග අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්ද්‍රව්‍යය මිලිගෑම් 2800 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සොරාගෙන තිබූ රෝස් ගෝල්ඩ් වර්ගයේ පවුම් භාගයක් බරති කුඩා දියමන්ති ගල් 68 ක් අඩංගු මුදුවක්, පින්ක් සපාය වර්ගයේ දියමන්ති ඔබවන ලද රත්තරන් මුදුවක් , හා තවත් රන් ආභරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු කොළඹ කොටුව , වරාය හා කොල්ලුපිටිය පොලිස් වසම් වල පිහිටි බහුල වශයෙන් විදේශීය ජාතිකයන් රන් ආභරණ මිලදී ගැනීම සඳහා පැමිණෙන සාප්පු සංකීර්ණ වෙත ඉකුත් සැප්තැම්බර් මස සහ මෙම මස අවස්ථා කිහිපයකදී රන් ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් ගොස් තමන් එංගලන්ත ජාතිකයකු බව හඟවමින් මඳ වේලාවක් රැඳී සිට ඒවා පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි,